මගේ මූණට රස්නෙට වැටුන යේනුකගේ හුස්ම මට අමතක කරන්න බැරි වුනා. එදා ගෙවුන මිනිත්තු ගානෙදි අපි අතර ඇති වුන හුස්ම හුවමාරු වීම හදවත් ස්පන්දන ගනුදෙනුව මට මගේ මතකෙන් අමතක කරන්න බැරි වුනා. තුරුල් වෙලා බයික් එකේ ආව ගමන මට බයික් එකෙන් බහින්න හිත දුන්නෙම නැති තරම්. ආදරේ හිතෙන ආදරේ කරන මොහොතවල් මේ තරම් ඉක්මනට ගෙවිලා යන එකට කාලෙත් එක්ක මට පුදුම තරම් තරහක් ආවා. මීට මාසෙකට කලින් රොබරෝසියන් ගහ යටදි මම ගැන අංශු මාත්රෙක හැගීමක් නෑ කියලා පෙන්නලා දුන්න යේනුක මගේ ලග ඉදගෙන මට දැනුන හැගීම එයාටත් දැනුනා එහෙම හදවතකට දැනුන දෙයක් අනිත් කෙනාටත් ඒ විදියටම දැනුනාම ඒක කොච්චර ලස්සනද කියන දේ මට පෙන්නලා දුන්නා. යේනුකගේ හැසීරීමෙන් බිදිලා තිබුණ හදවතත් එක්ක අම්මගේ සොහොන ලගදි අඬා වැලපුනු මට ඒ දැනුන හැගීම වැරදි නෑ කියලා පෙන්නලා දෙන්න යේනුකම මගේ ලගට ආවා. යේනුකගේ හුස්ම මට වදින මොහොත වෙනකන්ම මට මේ දැනුන හැගීමෙදි සිප ගැනීමක් වැලද ගැනීමක් පිලිබද කිසිම හැගීමක් ඇති වෙලා තිබඅනේ නෑ. ඒත් හදවත නතර කරපු ඒ හීනෙකට සමාන හැගීමෙන් පස්සේ මට එ හීනි තොල් මගේ තොල් ස්පර්ශ කරනවා දකින්න ඕනි වුනා ඒ මොහොතට දැනෙන හැගීම මට විදින්න ඕනි වුනා. ඒත් ඒ දේ සිද්ධ නොවුන එකට මම පසුතැවුනා.
මගේ හිත යේනුකගේ වේදනාවෙන් යේනුකව ප්රතික්ශේප කරන උත්සහයක යෙදිලා හිටපු කාල වකවානුවක මේ වුන දේත් එක්ක මට ආයේ ආයෙම යේනුකව ඕනි වුනා. එයාගේ ලග ඉන්න ඕන වුනා. වෙනදට වඩා හැගීම් ගොන්නකින් මගේ හදවත පිරිලා ගියා. අසම්මත සමරිසි ආදරේ මට විතරක් දැනුන දෙයක් නෙමේ මට එයා ලියන්න පුරුදු කරපු කතන්දරේ එයත් ලියනවා කියලා දැනුන මොහොතෙදි මට තවදුරටත් මේ දේ වැරදි නෑ කියලා තේරුනා. නිදහසේ විදින්න බැරි වුනත් අපිට හොර රහාසේ විදින්න හදවත් වලින් කතා කරන්න පුලුවන් විදියේ සම්බන්ධයක් බැදීමක් දැන් තියෙනවාය කියන සිතුවිල්ලෙන් හදවත පිරිලා ගියා. අලුත් අවුරුද්දේ අපේ දෙවන වාරේට මම ඉස්කෝලේ එන්න ඒ සුදු ඇදුම ඇදගත්තේ පාඩම් වැඩ වලටවත් ක්රීඩා වලටවත් තියෙන උනන්දුවකට නෙමේ. මට ආයෙමත් හැම දවසමකම යේනුකව දකින්න පුලුවන් විතරක් නෙමේ අපේ ආදරේ ගැන කතා කරන්න චවන වලින් නැතත් ඒ ආදරේ හදවතින් විදින්න දැන් එයා ඉන්නවනේ කියන සතුටින් උදම් වෙන ගමන්. වෙනදට වගේම මම උදේන්ම සීතල හිරගඩුපිපෙන අත් දෙක එකට අතුල්ලන ගමන් ඒ උස ගේට් එක ලග හිටගෙන හිටියා.
YOU ARE READING
පිහාටු 🪶 ☑️
Romance"ඔයා වෙව්ලනවා. ටිකක් රිලැක්ස් වෙන්න.. " ගැඹුරු හඬකින් ඒත් මට විතරක් ඇහෙන ගානට එයා කතා කරා. මගේ හුස්ම වල සද්දේ වැඩි වුනා. එයාට ඇහෙන තරමට ඒ හූස්ම වල සද්දේ වැඩි වුනා. මෙච්චර කල් මම දිහා බැලුවේ නෑ කියලා හිතපු කෙනා. මාව දන්නෙවත් නැතුව ඇති කියලා මම හිත...