හුස්මක් පවා දැනෙන මේ රාත්රියේ
කොඳුරා කියාදෙන්න මට ආදරේ
දුල් නෙත් විදාලා රහසින් බලාලා
ඉමු ළං වෙලා මේ රෑ පුරාපිනි මල් කඩා හැලෙන රෑ සීතලේ
මුමුණා කියා දෙන්න මට ආදරේ
දෙහදක් බැඳීලා සුසුමින් තෙමීලා
පෙම විඳිනවා රතු ලේ පවාඑයා හිටියේ ඉශාරා මිස් ලග වාඩි වෙලා... ගිනිපුපුරු මැදින් ලං වෙලා වාඩි වෙලා ඉන්න ඒ දෙන්නව මට හරි ලස්සනට පෙනුනා. ඒත් ඒ ලස්සන කොච්චර වුනත් ඒ දෙන්නා මාරුවෙන් මාරුවට කියන ඒ පද වැල් ඇහෙද්දි මගේ හදවත පුරාම ඉදිකට්ටකින් ඇනගෙන යන විදියේ වේදනාවක් දැනෙන්න ගත්තා. පලවෙනි පද හතර හරි ලස්සනට ඉශාරා මිස් දිහා බලලා කිව්ව යේනුක ආයේම අහසට එකතු වෙන ගිණි පුපුරු දිහා බලාගෙනම හිටියා... ඇස් වල මොනවදෝ හැගීම් ගොඩක් පුරවගෙන ඉතුරු පද හතරට ඉශාරා මිස් හරි ලස්සනට ස්වර එකතු කරද්දි ගිටාර් එකේ සද්දෙට මුසු වෙලා ආව ඒ හඬ මෙතන ඉන්න ළමයි වගේම ගුරුවරුත් ඔක්කොම වෙනම ලෝකෙකට අරන් ගහින් තිබුණා. හැමෝම ඒ ඒ අයගේ ලෝක වල ඉදන් ඒ දෙන්නාගේ සිංදුව රස විදින්න ගත්තා. ඇත්තට ඒ දෙන්නට තිබුනෙ පුදුම තරම් ලස්සන හිත නිවන කටහඩක්. යේනුකගේ ගැඹුරුම හඬින් තාලෙට පිටවෙන වචන මාව එයාට තව තවත් ඇබ්බැහි කරන්න වැඩි වෙලාවක් ගියේ නෑ.
යේනුකගේ හඩ මගේ කන් ඇතුලේ දෝන්කාර දෙද්දි ගිනි දලු වලට දිලිසෙන ඒ ගැබුරු ඇස් මම දිහා බලාගෙනම හිටියා. ඒ ඇස් වල නොතේරෙන මොනවදෝ මහා ගොඩක් ලියවිලා තිබුණා.
"ආදරෙයි....."
මම ඒ ඇස් දිහා බලලා මගේ ඇස් පියවලා ආයේමත් ඇරියා. ඒ දේ මම වචනෙන් නොකියා මගේ හිතින් හිතුවා.
ඒ හීනි තොල් අතර මම ආසම ලස්සන ම හිනාව ඇදුනා.
අපේ හදවත් ආයෙමත් කතා කරන්න පටන් ගත්තා. මට ඒක දැනෙනවා. හදවත නතර වෙලා ඒත් ඇගම සුවපත් වෙන විදියේ උනුසුමකින් හදවත තියෙන තැන උනුසුම් වෙලා. නපුරු කමින් බලපු නපුරු කමින් රවපු යේනුකගේ ඇස් ආදරෙන් පිරිලා. ඒ තොල් වලින් මටම එයා සිංදු කියනවා. ලග නොහිටියත් අඩි ගානක් දුරක ඉදන් ලග ඉදන් ඒ උරහිසට මාව වාරු කරන් මම වෙනුවෙන් විතරක්ම එයා ඒ සිංදුව කියනවා කියන හැගීම ගේන්න තරම් යේනුකගේ ඒ ගැඹුරු ඇස් වලට පුලුවන් වෙලා තිබුණා. ආදරණියම හිනාවකින් සැරසුන ඒ තොල් මම දිහා බලාගෙනම සිංදුවට දිගටම ස්වර එකතු පටන් ගත්තා.
YOU ARE READING
පිහාටු 🪶 ☑️
Romance"ඔයා වෙව්ලනවා. ටිකක් රිලැක්ස් වෙන්න.. " ගැඹුරු හඬකින් ඒත් මට විතරක් ඇහෙන ගානට එයා කතා කරා. මගේ හුස්ම වල සද්දේ වැඩි වුනා. එයාට ඇහෙන තරමට ඒ හූස්ම වල සද්දේ වැඩි වුනා. මෙච්චර කල් මම දිහා බැලුවේ නෑ කියලා හිතපු කෙනා. මාව දන්නෙවත් නැතුව ඇති කියලා මම හිත...