පිහාටු 🪶 07

1.7K 170 8
                                    

මම යේනුකට සර් කෝච් කියන ගෞරව නාම වලින් කවදාවත් කතා කරේ නෑ. මොකක්දෝ හේතුවක එයාත් මම එහෙම කතා කරන්න හදන හැම වෙලාවකම ඒක මගාරිනවා කියලා මට දැනුනා. මම එයාගෙන් අහද්දි හැම ළමයටම මෙහෙමද කියලා එයාගේ උත්⁣තරේ ඔව් වුනත් මට ලොකු වෙනසක් දැනුනා. එයා හැමෝටම එහෙම නෙමේ එයා මට කතා කරන විදිය වෙනස්. මට උත්තර දෙන විදිය වෙනස්. මට එයාගෙන් විශේෂයක් දැනෙනවා. ඒක එහෙම නෑ සාමාන්‍යයි කියන්න යේනුක කොච්චර දෙවල් කිව්වත් ඒක කිසිම වෙලාවක මට සාමාන්‍ය වුනේ නෑ.

"ආඩම්බරයි ....."

මට ඉබේටම කිය වුනා.....

"කවුද ආඩම්බර?"

"මලිදු උබ ආවාද මම දැක්කෙත් නැ....."

පිටිපස්සෙන් ඇවිත් මගේ කන ලගටම කරලා මලිදු කතා කරද්දි මම අතරමං වෙලා හිටපු  ලෝකෙන් හරි සිහියට ආවා.

"මම නම් දැක්කා උබ වවුලෙක් වගේ එල්ලි⁣ලා බලන් ඉන්නවා. ඇත්තට උබ කොහෙද බලන් ඉන්නේ කෑල්ලක් දිහා නේද කෝ හිටපන් බලන්න"

"වෙන කොහෙද බං. අර ගහ දිහා බලන් හිටියේ."

"කෑල්ල ඉන්නවද කෝ අයින් වෙයන් බලන්න"

"නෑ යකෝ ඒකි නෑ"

"ආනේ යකෝ ඔය ගහ දිහා බලන් පෙරුම් පුරන් නැතුව යමන් හොයාගෙන ගිහින් කතා කරමු"

"ඕනි නෑ බං බලා සැනසෙන්න තිබ්බොත් ඇති නෙලා ගන්න ඕනි නැ"

"අම්බෝ අම්බෝ දාර්ශනිකයා... ඕනි කෑල්ලක් නෑ.  යමන් කාලා එන්න මොනවා හරි කාලා එන්න. අද අකිලයා එන්නෙත් නැ."

"ඌ ඊයේ කිව්වේ නැනේ එන්නැ කියලා"

"අද උදේ මැසේජ් එකක් දාලා තිබ්බා. කොහෙද උබ ඉර එලිය වැටෙන්නත් කලින් ඉසකෝලෙට එනවනේ."

"ඔව් උබලට වඩා මට වැඩ තියෙනවා.."

"අනේ අනේ උබේ වැඩ. මෙන්න මෙහේ වරෙන් යන්න"

කැන්ටින් එකට යන්න මම මලිදුත් එක්කම පහලට බැස්සා. දෙවනි තට්ටුවේ පඬිපෙල ලගම තියෙන ගුරු මේසසයක් ලග වාඩි වෙලා යේනුක පොත් වගයක් පෙරලන ගමන් හ්ටියා. මලිදු පඬි බහැගැගෙන ගියත් මම එහෙමමපනතර වුනා. ඇයි මෙහෙම වෙන්නේ? මම මගෙන් හිතෙන් ඇහුවා. මට යන්න ඕනි වුනා එයාව පහු කරගෙන දැක්කේ
නෑ වගේ. ඒ මට නතර වුනා. මම පිස්සුවෙන් වගේ නෝට් බුක්
ගොඩක් මැද්දේ අතරමං වෙලා ඉන්න යේනුක දිහා බලන් හිටියා.

පිහාටු 🪶 ☑️Where stories live. Discover now