මේ යේනුක නැතුව ගෙවන දෙවනි සතියේ පලවෙනි දවස..
"ගිහින් එන්නම් මැණික"
කියලා ගියපු එයා අද වෙනකන් ඉස්කෝලෙට නෑවිදින් හිටියා. එයා බලාපොරොත්තුවෙන් මම ඉස්කෝලෙට හැමදාම ආවත් ඒ හිනාව ආද වෙනකන්ම මේ කණිශ්ඨේ ඇතුලෙදි මට ආයේ දැක ගන්න බැරි වුනා. එදා අකිලගෙන් ඉල්ල ගත්ත
නම්බර් එකට ආයේ ආයෙම මම කෝල් කරත් ඒ නම්බර් එක දිගින් දිගටම ක්රියාවිරහිත කරලා තිබුණා. මේ යේනුක මේ විදියට නොකියා ගියපු දෙවනි පාර. ඉතිං මට ආදරෙයි කියලා කිව්ව මුල් කාලෙත් එයා මේ විදියටම දින ගනන් නෑවිදින් හිටියා. මේකත් ඒ වගේම කාලයක් වෙන්න ඇති. යේනුක මොනවම හරි වැඩකට හිර වුන එයාටත් අමාරුම කාලයක් වෙන්න ඇති.මම කිව්වා තමයි.. මම ඔයාට ලෝබයි කියලා. ඒත් මම ඒ වචනේ තේරුම ඔයාව මෙහෙම නොදැක ගෙවන දින සති බවට පත් වෙනකන්ම දැනගෙන හිටියේ නෑ වස්තු. මට ඇත්තටම ලෝබයි උබ ගැන.. උබ නැතුව ගෙවන මේ දවස් අපරාදේ. මේ අපිට ආදරේ විදින්න තියෙන දවස්. ඉතිං ඉක්මනට ඉන්න තැනක ඉදලා එන්න... මැණික මම ආවා කියලා මාව වැලද ගන්න. මට ඔය උනුසුම මගෑරිලා ගොඩක් දවස් වෙනවා. ඔය හාදු වල පහස අමතක වෙන්න කලින් එන්න වස්තුව. මම ආදරෙයිනේ... කිව්ව විදියටම මම ආදරේ නාමෙන් දරා ගත්තා. ඔයා නොදන්නවා ඇති.. මේ ගෙවුන දවස් පහ හයට මට මේ මලියදේව කනිශ්ඨේ ආගන්තුක තැනක් වුනා. මාව ආඩම්බරයක් විදියට දැකපු මේ පරිසරේම මාව ආගන්තුකයෙක් ගානට දාලා වස්තු. වෙනදට මාව දැක්කමා හිනාවකින් සංග්රහා කරන උදේකනම් ශාද්ය ගුඩ්මෝර්නිං කියන ළමයි මම දිහා අමුතු විදියට බලන්න පටන් අරන් වස්තු. තැන් තැන් වල කතා වෙන කට කතා එච්චර හොද දෙවල් නෙමේ. එක අතකට ඔයා තව ටික කාලයකට නෑවිදින් ඉන්න එකම හොදයි. මොකද යේනුක සමරිසියෙක් කියනවට වඩා යේනුකව ඒ වැරැද්දට පොලබවා ගත්ත මම වැරදිකාරෙයක් විදියට දකින මේ ළමයින්ගෙන් මට එන චෝදනා ඔයාට දරා ගන්න බැරි වෙයි. ඔයාගේ ආදරේට ඒ දෙවල් නිසා දුක හිතෙයි. ඉතිං ඒ නිසාම තවත්
කාලෙකට ඔයා නෑවිදින් ඉන්න තරමට හොදයි. ඒ මේ කනිශ්ටේ ඇතුලට වුනත් මාව බලන්න ඇවිත් යන්න තිබුණා වස්තු. මම ඔයා බලාපොරොත්තුවෙන් රජපීල්ල උද්යානේ දවස් දෙකක් පුරාවට රැය පහන් කරා. දැන් එයි දැන් එයි කියන බලාපොරොත්තුවෙන් මම ගොම්මන් කලුවර වැටෙන හවසට රජපීල්ල උද්යානෙට වෙලා මිනිත්තු පැය ගැන්නා. විතරක් නෙමේ වස්තු මම ගිහින් එනකන් පරිස්සමින් ඉන්න කියලා මාව දාලා ගියපු තැන මම උදේ හිරගඩු පිපෙන සීතලේ වෙව්වල වෙව්ල මග බැලුවා. ඒ ගෙවුන පැය ගනන් වලදි හීනෙන් වගේ ඔයාගේ විසිල් එකේ සද්දේ මගේ කන් ඇතුලේ දෝන්කාර දෙන්න ගත්තා. ශාද්ය තව මදී.. හොදටම දුර්වලයි.. මෙහෙමනම් ටූනමනට් වලට යන්න බෑ කියලා කියන ඔයාගේ චෝදනා මට එක දිගට අහෙන්න ගත්තා. වස්තු හැම දවසකම රොබරෝසියන් ගහ යට කලු කලිසම ඇදගත්ත මගේ කලුකලිසම්කාරයා ඇති කියන බලාපොරොත්තුවෙන් මම ඉස්කෝලෙට ආවා. ඒත් ඔයාට පුරුදු ඒ රොබරෝසියන් ගහ යට ඔයා හිටියේ නෑ. ඔයා නැති තැන ගහට පාලුවක් නොදැනෙන්න මම ගහ යටට වෙලා ඔයාට මම ආදරේ තරම කොච්චරද කියලා කිව්වා. වසන්ත
කාලෙ ඇවිත් ආයෙම යන්න ගිහිල්ලා වස්තු... ඔයා වෙනුවෙන් වැටුන මල් ඔක්කොගෙම රෝස පාට හේදිලා ගිහිල්ලා. ඒ ගහම පාලුවට ගිහිල්ලා මගේ වස්තු නැති දුකටමදෝ ගහේ කොල ඔක්කෝම එයා බිම හලලා... ඉතිං ඔයා නැති පාලුව මට විතරක් නෙමේ දැනෙන්නේ වස්තු ඉක්මනින් එන්න මම බලන් ඉන්නවා..... ඔයා නැතුව ගෙවුන මේ දවස් පහ හයට මොන තරම් නම් දෙවල් වෙලාද? ඔයා දන්නවද මට ඔයාට කියන්න ලොකු කතාවක් තියෙනවා...... ආයේ ආවාම මම ඒක කියන්නම්. මට බැන්නත් මාත් එක්ක තරහා වෙලා රවාගෙන හිටියත් මගේ හිතට වරදකාරී හැගීමක් දැනෙන ඒ කතාව මම ඔයාට කියන්නම් වස්තු....
YOU ARE READING
පිහාටු 🪶 ☑️
Romance"ඔයා වෙව්ලනවා. ටිකක් රිලැක්ස් වෙන්න.. " ගැඹුරු හඬකින් ඒත් මට විතරක් ඇහෙන ගානට එයා කතා කරා. මගේ හුස්ම වල සද්දේ වැඩි වුනා. එයාට ඇහෙන තරමට ඒ හූස්ම වල සද්දේ වැඩි වුනා. මෙච්චර කල් මම දිහා බැලුවේ නෑ කියලා හිතපු කෙනා. මාව දන්නෙවත් නැතුව ඇති කියලා මම හිත...