කෝච් සුරංගීත් එක්ක වැඩ කරපු කාලේ ඉස්කෝලේ නිවාඩු තිබුනත් උදේට පුහුනුවීම් කරන්න යන එක අනිවාර්ය වුනත් මේ නිවාඩුවට යේනුක පුහුනුවීම් දාලා තිබුනේ නෑ. සති අන්තේ ටියුශන් එකක්වත් මගෑර ගන්නැතුව එදා යේනුකව දැකපු දවසින් පස්සේ මම ටියුශන් ගියත් ආයෙත් මට එයාව දැක ගන්න බැරි වුනා. ඉශාරා මිස්ව බයික් එකේ දාගෙන ඒ විදියට යන්න යේනුකට ඇත්තටම මිස් එක්ක සම්බන්දයක් තියෙනවද? එදා මම යේනුකව අවසාන වතාවට සිප්වින් එක ඉස්සරහින් දැක්කට පස්සේ දවසේ ඉදන් මගේ හිත හදන්න බැරි තරමට කැඩිලා ගියා. වෙනදට එහෙම දෙයක් නෑ කියලා මම ම හදා ගන්න හදවත මට එතනින් පස්සේ හදා ගන්න බැරි වුනා. සති අන්තේ ටියුශන් සතියේ මැද ගෙදරට වෙලා ඔහේ ගත කරන වෙලාවල් මේ හැම දේම එක්ක නිවාඩු කාලේ ටිකෙන් ටික ගෙවිලා ගියා. නිවාඩුව ඉවර වෙන්න ලගයි කියන එක මට මානසික සහනයක් අරන් ආවා. ගෙදරට වෙලා ඉන්න හැම වෙලාවකම එක වෙලාවකට පුංචිගෙන් මම අම්මව දැක්කා. ඒ හැම පාරම මගේ හදවත බිදිලා ගියේ ආයේ කවදාවත්ම අම්මා මගේ ලගට එන්නේ නෑ කියන හැගීමේන් මගේ හදවත පිරිලා ගිය නිසා. අනිත් වෙලාවට යේනුකගෙන් මගේ හදවත පිරිලා ගියා. ඒත් මාව රිජෙක්ට් කරපු විදිය ඉශාරා මිස් එක්ක එයා ඉන්න විදිය විතරක්ම නෙමේ මෙහෙම අසම්මත ආදරයක් කරගෙන යන්න බැරි තරමට සමාජේ බැදලා තියෙන වැට කඩුලු නිසා මගේ හදවත වේදනාවෙන් ඇදුම් කෑවා. එක
අහිමිවීමකට මොන තරම් වේදනාවක් හදවතකට දෙන්න පුලුවන්ද ඒ කෙනාගේ අහිමිවිම මොන තරම් ඒ අහිමි වුන ජීවිතේ වටිනාකම කියලා දෙනවද කියන දේ මට ගෙදර නතර වුන මේ දෙසැම්බර් මාසේ පුරාවටම තේරුනේ අම්මාව ආයේ ආයෙම මතක් වෙන්න ගත්ත නිසා.ජීවිතේ ගෙනාපු ආයුශ අහවර කරලා යන කෙනෙක් එයා ආයේ කවදම හරි කියලා දවසකටවත් එන්නේ නෑ දකින්න වෙන්නෑ කියලා දන්න නිසාමදෝ ඒ අහිමි විමේ වේදනාව ඕනිමයි කියන හැගීමෙන් මාව ඈත් කරා. ඒත් පේන මානේ ඉදලා දිනපතා දැකලා හෝ නොදැක කොහේ හරි එයා ඉන්නවනේ ඒත් මගේ වෙන්නෑනේ මට ඕනි වුනත් මට මගේ කරගන්න බැනේ කියන හැගීම එක්ක විතරක්ම නෙමේ හිතේ කොනකවත් ආදරයක් කැමැත්තක් නෑ කියලා පෙන්නපු වචන ගොඩක් ඒත් ඒ ඇස් වලින් ආදරයක් පෙන්නුවනේ කියන වේදනාවක් අනේ මගේ වෙලා හිටියනම් මට ඕනිනේ ඒත් මගේ නෙමේනේ කියලා දැනෙන හැගීමක් අරට වඩා වේදනාවකින් මාව තලලා දැම්මා. ලං වෙන්න ඉගි කරලා මහා ලොකු ආදරේකින් හදවත පුරවලා මොකුත් නොවුන ගානට ඈත් වෙන එකෙන් හදවතක් බිදිලා යන්නේ හදන්න බැරිම තරමට කිතු කීතුවෙලා . ඉතිං අම්මගේ අහිමි විමේ වේදනාව දරා ගන්න පුලුවන් වෙලා යේනුකගේ අහිමි විම නිසා මැරි මැරී ජීවත් වෙන ගානට හදවත බිදිලා ගියේ ඒ නිසාම වෙන්න ඇති.
YOU ARE READING
පිහාටු 🪶 ☑️
Romance"ඔයා වෙව්ලනවා. ටිකක් රිලැක්ස් වෙන්න.. " ගැඹුරු හඬකින් ඒත් මට විතරක් ඇහෙන ගානට එයා කතා කරා. මගේ හුස්ම වල සද්දේ වැඩි වුනා. එයාට ඇහෙන තරමට ඒ හූස්ම වල සද්දේ වැඩි වුනා. මෙච්චර කල් මම දිහා බැලුවේ නෑ කියලා හිතපු කෙනා. මාව දන්නෙවත් නැතුව ඇති කියලා මම හිත...