පිහාටු 🪶43

853 70 21
                                    

Yenuka pov

මම මොනවා කරන්නද මැනික... ලං වෙන්න ලං වෙන්න  කවදම හරි ඔයාට මේ දේන් විදවන්න වෙනවා කියලා දැන දැනත් ඔයාව ඈත් නොකර තව තවත් මට ලං කර ගන්නද? මට බැ මැනික ඒක කරන්න මට බෑ.....  ඔයා මගේ ලගට එන්න එන්න මම පසුතැවෙනවා මගේ අතින් ඔයාට වුන වැරැද්ද ගැන. මම පසුතැවෙනවා ඔයාව මට ලං කරගත්ත
එක⁣ට. ආදරේට එහා ගිහින් ඔයාව ඇල්ලුව එකට මම පසුතැවෙනවා මැණික. ඔයා ලග ඉද්දි මගේ හිතේ
පාලනේ කොහෙදෝ ඈතකට දුවනවා. ඉතිං මම කොහොමද මගේ ආදරේ ලග පාලනේකින් ඉන්නේ. ඒ වැරැද්ද ආයේ ආයෙම මගෙන් වෙයි කියන බයටයි මැණික මම ඔයාව ඈත් කරන්නේ..  ඔයාගෙන්  මගේ ආදරේ හංග ගන්න බැරි වුන එකට මම පසුතැවුනා. ඊට පස්සේ සීමාව ඉක්මවලා ගිහින් ඔයාට ලං වුන එකට මම දැන් පසුතැවෙනවා මැණික. ඔයාව ප්රතික්ශේප කරන හැමවෙලාවකම මගේ හදවත ඔයාව ලං කරන්න ගන්න කියලා කොච්චර කෑ ගහනවද කියලා ඔයා දන්නේ නැ මැනික. ඔයාව ප්රතික්ශේප කරන්න මගේ කටින් පිටවෙන වචනයක් ගානේ මම කොච්චර විදවනවද ඒ දේ මාව කොච්චර නම් රිදවනවද කියලා ඔයා දන්නේ නෑ මැණික.... ඒත් මට බෑ මැනික සුන්දර අවසානයක් අපිට නෑ කියලා දැන දැනත් මට මගේ හිත රවට්ටගෙන ඔයාගේ හිතටත්  බලාපොරොත්තු දෙන්න මට  බෑ. ඇත්ත මම බයයි මැණික මේ අසම්මතේ කවුරුම හරි දැනගෙන අපි දෙන්නවම සමාජෙන් කොන් කරයි කියලා.  විතරක් නෙමේ මේ දේ නිසා කවදම හරි ඔයා විදවයි කියලා. දැන් විදවන විදවීම මොකක්ද කියලා හිතෙන තරමට ඔයා විදවයි. ඉතිං ඒ දේ දැන දැනත් මම කොහොමද මැණික ඔයාව මට තව තවත් ලං කරගන්නේ. ඇත්ත මට තිබුණා ඔයාට ලං නොවි ඉන්න. ඔයා දිහා ඈතටම වෙලා බලන් ඉන්න හදවතේ දවසින් දවස උතුරන ආදරේ මගේ ලගම තියන් ඉන්න. ඒත් හදවතකට එච්චරකටම දරගානන්න පුලුවන්ද මැනික. මට සමාවෙන්න... ලගට අරන් ඔයාව ඈත් කරනවට. මට සමාවෙන්න හැගීම් ගොඩකින් ඔය හදවත පිරෙව්ව⁣ට. මට සමාවෙන්න සුන්දර අවසානයක් නෑ කියලා දැන දැනම ඔයාව තව තවත් ලං කරගත්තට.

අම්මා අප්පච්චි කවුද කියලා ඇහුවා නේද ඔයා. මේ ලෝකේ ඉන්නවනම් පරම්පරාව මහන්තත්තකම නම්බුව කුලය මේ හැමදේම තමන්ගේ දරුවටත් වඩා ඉහලින් පිලිගෙන ඒ කුලයෙන් පිට මිනිස්සු ආස්රය නොකරන එක්තරා විදියක දරුණු ගතිපැවතුම් තියෙන උදුම්මවාගත්ත පරම්පරාවක් ඔලුව උඩ තියන් ඉන්න දෙමව්පියෝ දෙන්නෙක් ඒ මගේ අම්මයි තාත්තයි. මට සුන්දර ළමා කාලයක් ලස්සන තරුන කාලයක් තිබ්බා කියලා ඔයා හිතනවද මැනික. මම කාටවත් හිනා නොවෙන කතා නොකර ඉන්න හේතුව ඔයා දන්නවද මැනික. නෑ ඒක දන්න එකම එක කෙනයි මේ ලෝකේ ඉන්නේ. මාව දන්න මාව තොරුම් ගත්ත මාව අහන් ඉන්න  පුලුවන් මාව දරා ගන්න පුලුවන් එකම එක්කෙනයි මේ ලෝකෙටම ඉන්නේ මැණික.  ඒ ඔයාටත් දැන්  ප්රශ්නයක් වෙලා තියෙන ඉශාරා. ඒ තමයි මේ ලෝකේ මාව තේරුම් ගත්ත එකම කෙනා. මම ගැන එක දෙයක් හැර අනිත් හැමදේම දන්න මාව අහන් ඉන්න එකම කෙනා. ඉතිං ඔයා කිව්ව විදිවට මම එයා ලග නිදහස් මම එයා ලග සැහැල්ලුවෙන් ඉන්නවා. මොකද මට මම වෙලා එයා ලග ඉන්න පුලුවන්. ඒත් ඔයත් එක්ක අනිත් හැම කෙනාම ලග මට. එහෙම ඉන්න බෑ මැණික. මම බයයි මම ආස්රය කරන කෙනා කොහොම කෙනෙක්ද කියලා නොදැන ආස්රය කරන්න. මම බයයි මිනිස්සු ඒ ගැන දැනගෙන මගේ අම්මගෙන් කියයි කියලා.

පිහාටු 🪶 ☑️Where stories live. Discover now