පිහාටු 🪶35

956 76 6
                                    

මෙච්චර වෙලාවක් උරහිස උඩින් ඔලුව තියන් හිටපු මිස් ආයෙමත් ඔලුව උස්සලා වැව දිහා බලන් හිටියා. හදවතේ
මේ තාක් කාලයක් එයා තියාගෙන හිටපු ආදරේ පලවෙනි වතාවට මට එයා කිව්වත් මම ඒ දේ ඒ පලවෙනි දවසෙම ප්රතික්ශේප කරා . තව දවසක් ඉල්ලුවත් මට එයා වෙනුවෙන් තව දවසක් දෙන්න බැරි වුනා. අයිති නැති බැදීමක් වෙනුවෙන් ඒ හිතේ මතක එකතු වෙන එක මට නතර කරන්න ඕන වුනා. ඒත් එයා වෙන කෙනේක්ට අයිති වෙන්න කලින් මට කතා කරන්න ඕන වුනා කිව්ව දේන් මගේ හිත මම එයාට නපුරු වු⁣නාදෝ කියලා පසුතැවෙන්න ගත්තා.

"මම කසාද බදින්න කැමැත්ත දෙනවා ශාදි..."

"මිස්"

මට පුදුමයක් කම්පනයක් දැනෙන්න ගත්තා. මේ තරම් වෙලාවක් මට මහා ගොඩක් ආදරෙයි කියලා මම වෙනුවෙන්ම තනියම ඉන්න හිත හදා ගත්ත කියපු එයාම කසාද බදිනවා කියලා කිව්ව චවන මාව කම්පනේකට පත් කරා

"ඕව් ශාදි. මම බෝර්ඩිමේ හිටියේ ගෙදර අය එක්ක
තරහා වෙලා. ඒ ඒ අය මට එක දිගට ප්රපෝසල් ගෙනාව නිසා. දැන් එයාලා ආයෙම මට යෝජනාවක් ගෙනල්ලා ශාදි. මට තව දුරටත් ඒ හිත් දෙක රිදවන්න බෑ. මම කැමති
කෙනෙක් ඉන්නවා කියලා මට ඔයා ගැන ඒ අය එක්ක කියන්නත් බෑ. අපිට අපේ වෙන්නත් බෑ කියලා ඔයාම කියද්දි මම ඒ වෙනුවෙන් බලාපොරොත්තු තියා ගන්නනෙත් නෑ ශාදි. ඉතිං මම අද ආවේ ඔයාට මගේ ආදරේ කියන්න මගේ හිත නිදහස් කර ගන්න. ඒත් ඔයා ලග ඉන්න ඉන්න මට ඔයාගෙන් ඈත් වෙන්න ලෝබ හිතුනා. මම ඒකයි තව දවසක් ඔයාගෙන් ඉල්ලුවේ. මම දන්නවා ඒ වැරැද්ද කරන්න අපි හොදනෑ කියලා."

"මිස් කාවද එත⁣කොට කසාද බදින්නේ?"

වේදනාවෙන් කතා කරන මිස්ගෙන් මම මට දැනගන්න ඕනි වුන ඊලග ප්ර්ශ්නේ ඇහුවා. ඒ මගේ හිතේ තාමත් ඉශාරා යේනුක අතර මොනවම හරි තියෙනවාදෝ කියන සැකේ ඇවිලෙමින් තිබුන නිසා.

"දන්නෑ ශාදි මම දැකලා නෑ තාම එයා. මම දන්නෙවත්
නෑ එයා කවුද කියලා. එයා එනවා තව දවස් හතරකින්. අපේ ගෙදර. එදාට මම එයා ඉස්සරහට යන්න ඕනි. මගේ හිත ඔයාව ඉල්ලන්න පටන් ගත්ත දවසේ ඉදන් මම දුක් වුනා මම ඔයාට කලින් ඉපදුන එකට. තව දවස් හතරකින් මට ඔසරියක් ඇදලා බුලත් හෙප්පුවකුත් අරන් ඒ මම දන්නෙවත් නැති මගේ මනමාලයා ඉස්සරහට යන්න වෙනවා ශාදි. එතනින් පස්සේ මට ඔයාව නැතිම වෙනවා."

පිහාටු 🪶 ☑️Where stories live. Discover now