ඉශාරා මිස් පංතියට යන්න කිව්වාත් මම අපේ පංතිය ඇතුලට නොයා ජනේලෙන් එලිය බලාගෙන කල්පනා කරා. යේනුක දකින වාරයක් ගානේ මගේ හදවතේ වැඩි වෙන ඒකපාර්ශ්වික අසම්මත අදාරේ ගැන මම ආයෙ ආයෙම කල්පනා කරා. එයාට එහෙම දෙයක් වුවමනා නෑ. එහෙම ඕනි නම් කවදාවත් කාටවත් ලේසියෙන් හිනා වෙන්නැති එයා ඉශාර මිස්ට හිනා වෙයිද ඒ ඇස් එහෙම දිලිසෙයිද ..මම ආයෙ ආයෙම කල්පනා කරා. ඒත් ඒ කල්පනා ලෝකෙ පුරාවටම තිබුනේ යේනුකගේ කිසිම හැගිමක් නැති මූන වොලිබෝල් කෝට් එකේ කෙලවර තියෙන ගහට හේත්තු වෙලා මම දිහා බලන් හිටපු ඒ තියුනු බැල්ම, පංතියට ඇවිත් මම හිටපු හීන ලෝකෙන් ඇහැරෙනකන් බලන් හිටපු හිස් බැල්ම මගේ නම කිව්ව දවසේ කට කොනින් වුන හිනාව තත්පර අරික් කාලකට තෙත බරිත රතු වුන මූනෙන් බලපු බැල්ම ප්රැක්ටිස් කරන වෙලාවට මගේ අඩුපාඩු කිය කිය මට කරපු චෝදනා විතරක්ම වුනා. මගේ ලෝකේ යේනුකගෙන් පිරෙද්දි එයා ඉශාරා මිස්ට කැමැත්තෙන් ඉන්නවා කියන වේදනාත්මක සිතුවිල්ලකින් මගේ හිත පිරිලා ගියා.
"උබ මොකද මෙතන කරන්නේ මම හිතුවේ උබ ටොයිලට් ගියා කියලා"
"ගිහින් ආවා බං."
"මොකද නිකන් උබ ගෑනි හොර මිනිහෙක් එක්ක ගියා වගේ මූන එක දෙක කරගෙන ඉන්නේ?"
"මොකුත් නෑ බං. වොශ් රූම් යද්දි අර කෑල්ල දැක්කා. කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා එච්චරයි..."
"පෙන්නපංකෝ යකෝ ඒකිව ඔච්චර හිතේ තියන් විදවන්නැතුව."
"ඒකිගෙන් වැඩක් නෑ. අහපන්කෝ උබට කියන්න කතාවක් තියනවා හැබැයි ඒක කාටවත් කියන්නවත් දැනගන්න තියන්නවත් එපා උබට පුලුවන්ද මම මේ කියන දේ රහසක් විදියට රකින්න.."
"ශාද්‍ය ඔයා තාම එලියෙද? යන් පංතිය ඇතුලට ඒ මදිවට ප්‍රිෆෙක්ට් කෙනෙකුත් එලියේ ප්‍රින්සිපල් ආවානම් මොකද වෙන්නේ මටයි බැනුම් අහන්න වෙන්නේ....?"
"ඉතිං මිස් වෙලාවට පංතියට එන්න එපැයි. මගේ යේනුක එක්ක කතා කර කර ඉන්නැතුව"
අපි ඉන්න තැනට ඉශාරා මිස් ඇවිත් කතා කරනකන්ම අපි දැක්කේ නෑ. මිස් කියපු දේත් එක්ක මට කෑ ගහලා එහෙම කියන්න ඕනි වුනා. මගේ වේදනාව මට පිට කරගන්න ඕනි වුනා. ඒත් මම මිස් දිහා බලල හිනා වෙලාම පංතිය ඇතුලට ආවා.
YOU ARE READING
පිහාටු 🪶 ☑️
Romance"ඔයා වෙව්ලනවා. ටිකක් රිලැක්ස් වෙන්න.. " ගැඹුරු හඬකින් ඒත් මට විතරක් ඇහෙන ගානට එයා කතා කරා. මගේ හුස්ම වල සද්දේ වැඩි වුනා. එයාට ඇහෙන තරමට ඒ හූස්ම වල සද්දේ වැඩි වුනා. මෙච්චර කල් මම දිහා බැලුවේ නෑ කියලා හිතපු කෙනා. මාව දන්නෙවත් නැතුව ඇති කියලා මම හිත...