යේනුක ඔයා නොදන්නවා වෙන්න බෑනේ. මගේ ආදරේ තරම. දැන දැනත් ඔයා මට වේදනා දෙන එක මම තව දුරටත් දරා ගන්නේ කොහොමද? ආදරේ කරන්න උගන්නපු විදියටම මට ඒ දේත් කියලා දෙන්න. ඔයාගේ වෙනස් කම් දරා ගන්න විදියත් කියලා දෙන්න යේනුක. ඔයා වෙලාවකට ඉශාරා මිස් එක්ක ඉන්න එක ගැන තවත් වෙලාවකට මාව ඔයාගේ ශිෂ්‍යයෙක් ගානටවත් දාන් නැතුව මගාරින එක විතරක් නෙමේ යේනුක ඉදාලාම වෙලාවක මාව ආදරෙන් ලගට ගන්න එක ගැන මට කියලා දෙන්න. ඔය ඇස් වලින් මට පේන ආදරේ බොරුවක් නම් ඒක මට කියලා දෙන්න යේනුක. එහෙනම් මට මෙහෙම වේදනාවක් නෑනේ. මම මගේ හදවතට තේරුම් කරලා දෙන්නම් ඔයා මට ආදරේ නෑ කියන එක. ඒත් ඔයා එහෙම දේකට මට ඉගි කරා යේනුක. ඉතිං මේක පටන් ගත්ත කෙනා මම නෙමේ යේනුක ඒ ඔයා කියලා මට කියන්න. එහෙම නැත්තන් ඔයා මට ආදරේ නෑ කියලා මට කියන්න යේනුක. එතකොට තව දුරටත් මම ඔයාත් මට ආදරෙයි කියලා හිතන එකක් නෑ යේනුක. මට කියන්න යේනුක. ඔයා මට ආදරේ නැත්තන් ඒක මට කියන්න තව දුරටත් මට මේ වේදනාව දරා ගන්න බෑ. මම ආදරෙයිනේ ඔයාට.
අඩලා අඩලා ඉදුමුන ඇස් එක්ක රජපීල්ල පාර්ක් එකට ආව මම මාර ගහක් යට තිබුන බංකුවක වාඩි වෙලා ටියුශන් ඉවර වෙලා කඩිමුඩියේ ගෙවල් වලට යන ළමයි දිහා ඔහේ බලාගෙන කල්පනා කරා. මෙච්චර කාලෙකට සහනයක්
වගේ දැනුන මගේ හදවතේ අයිතිය පතුරලා තිබුන යේනුකව මට මහාලොකු බරක් වේදනාවක් විදියට දැනෙන්න ගත්තා. ඒ ආදරේ තව දුරටත් මට සැනසිල්ලක් ගෙනාවේ නෑ. මාස හයක් තිස්සේ හිතේ තියාගෙන දරාගෙන කරපු ආදරේ අවසානේ මේකද කියලා මට හිතෙන්න ගත්තා. අම්මගේ
සොහොන ලග අඩපු මට අවසානේ යේනුකගේ ආදරේ බරක් වෙන්න ගත්තා. ඒක ඇත්තටම යේනුකගේ ආදරේ නෙමේ. යේනුකට මම කරන ආදරේ මගේ හිතට බරක් වෙන්න ගත්තා.ඉශාරා මිස්ව බයික් එකේ දාන් ගියපු දවසේ රිදුන හිත මට අයිතියක් ඇත්තෙම නෑ කියලා දැනුන අහිමී වීමේ වේදනාව නිසා පෑරුන හදවත මට ආයේ හදාගන්න බැරිම වුනේ එයා කරපු හැම ප්රතික්ශේප කිරිල්ලක්ම එකින් එක මතකෙට ගෙනාව නිසා. මට ගෙදර යන්න කිසිම උවමනාවක් තිබුනේ නෑ. මට මම ගැනම මහා ලොකු වේදනාවක් දැනුනා. මේතරම් ආදරයක් හදවතට දැනුනේ මම ඔයාට ආදරෙයි කියලවත් කියාගන්න බැරි කෙනෙක් වෙනුවෙන් කියලා දැනෙද්දි මට මම ගැනම අනුකම්පාවක් දැනුනා. මම හිස් හැගීමකින් සෙන්සිප් එකේ ගේට්ටුව දිහා බාලගෙන හිටියා.
YOU ARE READING
පිහාටු 🪶 ☑️
Romance"ඔයා වෙව්ලනවා. ටිකක් රිලැක්ස් වෙන්න.. " ගැඹුරු හඬකින් ඒත් මට විතරක් ඇහෙන ගානට එයා කතා කරා. මගේ හුස්ම වල සද්දේ වැඩි වුනා. එයාට ඇහෙන තරමට ඒ හූස්ම වල සද්දේ වැඩි වුනා. මෙච්චර කල් මම දිහා බැලුවේ නෑ කියලා හිතපු කෙනා. මාව දන්නෙවත් නැතුව ඇති කියලා මම හිත...