මම මලිදුලගේ බල කිරීමට කැන්ටින් එකට යන්න ගියේ හිත ඇතුලෙන් ලොකු පබගාලක් ලිහන ගමන්. ඒත් ඒකේ අන්තිම හරියෙදි ඒ මට දැනෙන අසාමාන්‍ය හැගිමට උත්රයක් හිතන තැනදි මගේ ඇස් ඉස්සරහට ආවේ එයා. ඒ අමන්ඩ් හැඩේ ඇස් මම දිහා බලන් හිටියා. ඔව් එයා බලාගෙනම හිටියා. මම නතර වුනා මලිදු වගේම අකිලත් කියවන ගමන් ඉස්සරහට ගියත් මම නතතර වුනා. යේනුක මගේ ලගටම ආවා. හදවත ගැහෙනවද නතර වෙලාද කියලවත් මට තෙරුම් ගන්න බැරි වුනා. ඒ ඇස් තියුනු බැල්මකින් මම දිහා බලන් හිටියා.
"ය්ය්ය්යේනුක...... ස්ස්ස්ස"
"යමූ ...."
ආයෙමත් සුපුරුදු අණ කිරිල්ල. .
"ක්ක්කොහෙද?"
ඒත් එච්චරයි මම ඇහුවා කොහෙද කියලා ඒත් උත්රයක් නැ. එයා මාව පහු කරන් ගියා. එයා ගියේ ගුරු විවේකාගාරෙට.
"මලිදු ඔයාලා යන්න... සර් එක්ක පොඩි වැඩක් මම ගිහින් එන්නම්."
සර්, ඔව් මට වෙනදා පුරුදු විදියට එයාට යේනුක එක්ක කියල කියන්න බැරි වුනා. මොකද එයාලා හිටියේ මට වඩා අඩි ගානක් ඈතින්.
මිලිදු- අහ් හරි බං.....
අකිල- ඌව නතර කරගත්තේ කොයි වෙලාවෙ ද.බං. මං හිතුවේ ඌ අපි එක්කම එනවා කියලා
මලිදු- ඒක තමයි හැරිලා බලද්දි යේනුක සර් යනවා
අකිල- හැබැයි බං අපි කතා කර කර ආවාට ශාද්‍ය මොකුත් කියන්නැතුවනෙ ආවේ. අපි යේනුක සර් එනව දැක්කත් එහමම හිනා වලා ආවානේ. අරුව නතර කරගන්න ඇති
මලිදු - ඕනි එකක් දැන් ඌ ගියානේ යමන් මට බඩගිනි..
මම ගියා මට ව වඩා අඩියක් වගේ උස ඒ කියන්නේ අඩ් 6.1 විතර උස ඒ රූපේ පිටිපස්සෙන්. මම ගැන වගක්වත් නැති ගානට හිටපු යේනුක ආයෙමත් මාව එයා ලගට ගෙන්න ගන්න හේතුව මට හිතා ගන්න බැරි වුනා. එයාට ඕන වුනාම විතරක්මද මාව ලගට ගන්නේ. මට ඕනි වුනාම එයා ඇයි මගේන් ඈත් වෙන්නේ. කල්පනා කරන ගමන්ම මම යේනුකත් එක්ක ගුරු විවේකාගාරෙට ආවා. කිසිම ගුරුවරයෙක් හිටියේ නැති ඒ කාමරේ මම යේනුක එක්ක තනි වුනා.
"වාඩි වෙන්න"
ආයෙත් එයාගේ විදාන. එයා මට පටුවක් පෙන්නලා වාඩි වෙන්න කිව්වා. මම ඒ ඇස් දිහා බැලුවා ඒ ඇස් වෙනදා වගේමයි මුහුද මැදවගේ හරි ගරබුරුවට නිස්කලංකව තිබුනා. මම වාඩි වුනා මොකුත්ම කියන්නැතුවම වාඩි වුනා. බිත්තයේ එල්ලලා තිබුන ඔර්ලෝසුවේ කට්ට ටික් ටික් සද්දෙන් තප්පර පිටිපස්සෙන් දුවන විදිය ඇහුනා. ඉදලාම හුලගට ගස් හෙලවෙන සද්දේ ඇහුනා. ටික වෙලාවකින් ඒ අඩි සද්දේ ආයෙම මගේ ලගින් ලගට ඇහුනා. එයා හිටියා මට ඉස්සරහ තියෙන මේසෙට ඉස්සරහින් හිටගෙන. මම ඉදගෙන ඉන්න ගමන්ම එයා දිහා බැලුවා. එයා ඩෙස් එක උඩින් අත් දෙක තියලා. නැමුනා ඒ ගැබුරු ඇස් මගේ ලගින් මම දිහා බලන් හිටියා. සුපුරුදු විදියට දැනෙන පිච් සුවද මගේ නාස් පුඩු ඇතුලෙන් මගේ ආත්මෙටම ගලන් ගියා මට තත්පර කට්ටේ සද්දෙ ඇහෙන එක නතර වුනා. එතනින් එහාට හුලග හමන සදදේ ඇහුනේ නෑ විතරක් නෙමේ මගේ හදවත ගැහෙන එකත් නතර වුනා.
YOU ARE READING
පිහාටු 🪶 ☑️
Romansa"ඔයා වෙව්ලනවා. ටිකක් රිලැක්ස් වෙන්න.. " ගැඹුරු හඬකින් ඒත් මට විතරක් ඇහෙන ගානට එයා කතා කරා. මගේ හුස්ම වල සද්දේ වැඩි වුනා. එයාට ඇහෙන තරමට ඒ හූස්ම වල සද්දේ වැඩි වුනා. මෙච්චර කල් මම දිහා බැලුවේ නෑ කියලා හිතපු කෙනා. මාව දන්නෙවත් නැතුව ඇති කියලා මම හිත...