දින සති හරි ලස්සනට ගෙවිලා ගියා. උදේම නැගිටලා ග්‍රවුන්ඩ් එන එක විතරක් නෙමේ ඉස්කෝලේට එන එකත් මගේ ජීවිතේ මම කරන්න ආසම දේ වුනා. මම එනකන් ග්‍රවුන්ඩ් එකට වෙලා මග බලන් ඉන්න එහෙමත් නැතිනම් රොබරෝසියන් ගහ යට ඉදන් ආර්ට් සෙක්ශන් එකේ
තුන්වෙනි තට්ටුවේ කෙලවෙරේ තියෙන ජනේලේ දිහා බලන් ඉන්න යේනුකව දකින එක මගේ ජීවිතේ අනිවාර්ය අංගයක් වුනා. විතරක් නෙමේ ඒ මග බැලිල්ල මට සුපුරුදු දසුනක් වුනා. ඉතිං අදත් උදේම ලක ලෑස්ති වෙලා මම ඉස්කෝලෙට ආවේ මගේ කලු කලිසම් කාරයා දිහා ඈත ඉදන් බලන් ඉන්න තියෙන හදිස්සියෙන්. පහුගිය කාලේ පුරාවටම හැමෝටම හොර රහසේ ඇස් වලින් අපි අපේ ආදරේ බෙදා ගත්තා. හදවතෙන් අපි ලං වුනා. කලාතුරකින් හම්බවෙන හිස් පීරියඩ් එකකදි යේනුක එක්ක මහා ලොකු වැඩක් වගේ ගුරු මේසේ ලග වාඩි වෙලා කාටත් හොර රහසේ අපි දොඩමලු වුනා. ඒ හැම වෙලාවකම අවසානේ මම ආයෙම පංතියට එද්දි මලිදු ඔරොප්පගෙන ඉන්නෙකත් අකිල රහසින්ම දෙන"අනේ උබත්"
කියන සංඥාවත් මට හුරු පුරුදුම දෙයක් බවට පත්වෙලා තිබුණා. උස ගේට්ටුවෙන් ඇතුලට ආව මම. ප්රිෆේක්ට්ලට මාව චෙක් කරන්න දිලා හිටගෙන හිටියේ ඉක්මට ඇතුලට යන්න තිබුණ නොයිවසිල්ලෙන්. ඒ රාජකාරියත් අහවර වුනාම මම ඉක්මන් අඩි තියලා වොලිබෝල් කෝට් එක පැත්තට ඇවිදන් ආවා. ඔව් එයා ඉන්නවා... මම රොබරෝසියන් ගහ ලගට එද්දිත් මගේ ප්‍රේමවන්තයා ගහ යටට වෙලා මොනවදෝ කල්පනා කරනවා. ඇත්තටම මේ රොබරෝසියන් ගහ එයා වෙනුවෙන්ම හැදුන එකක් කියලා එයා ගහ යට ඉන්න හැම වෙලාවකම වගේ දැනුත් මට හිතෙන්න ගත්තා. මොකද එයා නැති දවසට මේ ගහ මාහා ලොකු පාලුවකින් ඉන්නවා කියලා මට එහෙම වෙන හැම දවසකම දැනෙන්න ගත්තා. මම ටිකෙන් ටික යේනුකට ලං වුනා. එදා පලවෙනි පාරට දැනුන විදියටම මේ තරම් කාලයක් ගෙවිලා ගිහිල්ලත් මගේ හදවත අදත් ඈත තියාම පේනුන ඒ රූපේ නිසා නතරවෙලා තිබුණා. ඒත් මම ඇවිදන් ගියා. හදවත නතර කරන්න පුලුවන් විදියේ ආදරයක් දෙන මගේ හදවතේ අයිතිකාරයා ලගටම.
"යේනුක......."
ලගටම ගිහින් මම කනට කරලා එයාට කතා කරද්දි ඇත්තටම එයා ගැස්සුනා. ඒ කියන්නෙම එයා ඉදලා තියෙන්නේ ශරීරෙන් රොබරෝසියන් ගහ යට වුනත් මනසින් වෙනමම ලෝකෙකට වෙලා.
YOU ARE READING
පිහාටු 🪶 ☑️
Romance"ඔයා වෙව්ලනවා. ටිකක් රිලැක්ස් වෙන්න.. " ගැඹුරු හඬකින් ඒත් මට විතරක් ඇහෙන ගානට එයා කතා කරා. මගේ හුස්ම වල සද්දේ වැඩි වුනා. එයාට ඇහෙන තරමට ඒ හූස්ම වල සද්දේ වැඩි වුනා. මෙච්චර කල් මම දිහා බැලුවේ නෑ කියලා හිතපු කෙනා. මාව දන්නෙවත් නැතුව ඇති කියලා මම හිත...