පිහාටු🪶31

1.2K 103 10
                                    

මගාරින්න මගාරින්න වැඩි වෙන ආදරේ තව දුරටත් හිතේ දරාගෙන ඉන්න බැරි තැන මම ශාද්‍යට ආදරේ කරන්න පටන් ගත්තා. හන්ගන් හිටපු ආදරේ එයාට පෙන්නන්න පටන් ගත්තා. ඒ ඇස් මම දිහා බලාගෙනම

"කාටවත් නොදැනෙන්න ආදරේ කරන්න මම වග බලාගන්නම් මම පොරොන්දු වෙනවා"

කියලා කිව්ව වචන වලට රිද්දන්න බැරිම තැන මම ඒ වචන වලට එකග වුනා. රවන ගහන බනින මගාරින හැමදාම තව තවත් හේතුවක් හොයන් ලන් වෙන්න හදන ශාද්‍යට මට තව දුරටත් මම ආදරේ නැ කියන දේ පෙන්නන්න බැරි වුනා. එයාව රිදවන එක මට වේදනාවක් ඇත්ත. මමම සිප ගත්ත
කම්මුල මම ම රිදවද්දි මගේ හදවත දෙකට කැඩෙන්න තරම් රිදෙන්න ගත්තා. මට ඕනි වුනේ ශාද්‍යව මගේන් ඈත්
කරන්න. ආදරේ පිරිලා තිබුන ඒ හදවත රිදවලා තව දුරටත් මට ආදරේ කරන එක නතර කරවන්න. ඒත් ආදරේ පුරවන් කතා කරපු එයා හිතේ තරහින් මට කතා කරද්දි මම  කරපු දේට මම පසුතැවුනා. මට එයා නැති වෙන්න යන බව මට දැනෙන්න ගත්තා. ඒ ඇස් ආදරෙන් විතරක්ම මම දිහා බලපු විදිය මට මැවිලා පේන්න ගත්තා. ඉතිං ඒ හැම මගෑරිල්ලකම ප්රතික්ශේප කිරිල්ලකම අවසානේට මම ඇවිත් හිටියා. අපි දැන් පෙම්වතුන්.

"ආදරෙයි අපි අපේ වෙමු"

යන වචන වලින් ආදරේ නොකීව පෙම්වතුන්. මම මගේ ආදරවන්තයාව මගේ පැත්තකින් තියාගෙනම පිට්ටනිය පැත්තට ඇවිදන් ආවා.

"තෑන්ක් ගෝඩ් ශාද්‍ය ඔයා හොදින් මම හොදටම බය වුනා..."

ඉශාරා මිස් අපිව දැකපු ක්ශනයෙන් ලගට ආවේ ශාද්‍ය හොදින් හොද තත්වෙක ඉන්නවා දැකලා දැනුන සතුට දෝරෙ ගලන මුණින්.

"ඒක නෝමල් ෆේයින්ට් එකක් මිස්..."

"ඔයාට නොර්මල් වුනාට මම බය වුනා ළමයෝ."

ඉශාරා මිස්ගේ කරුණාවන්ත කලබලකම පිරිලා තිබුණ වචන වලට ශාද්‍ය කිසිම පැකිලීමක් නැතුවම උත්තර දුන්නා. එතනින් පස්සේ ආව යාලුවොත් එක්ක ආයෙම ශාද්‍ය මගෙන් ඈතට ගියා. ආදරේ සුව වින්ද විනාඩි දහයේ පහලවේ උනුසුම මගේ ලග තියලා ආයෙම ඒ සෙල්ලක්කාර තරුණයා මගෙන් ඈතට ගියා.

ආයේ කවදාවත් මගෑරිලි බැරි කවමදාකවත් ප්රතික්ශේප කිරිලි නැති ඒ ආදරේ මම පටන් ගත්තා. සුසාන භූමියේදි පාලු හවසක හදවත හොරාගත්ත ඒ පරීනත පාසල් ශිෂ්‍යාට මම මගේ ආදරේ පරිත්‍යාග කරා. හදවතේ දරාගෙන සමාජෙට බයේ හංගපු ආදරේ මම ඒ ආදරේ අයිතිකාරයාට ඒ ආදරේට වටිනාකමක් මම හිතුවටත් වඩා දුන්න ආදරවන්තයාට විතරක්ම පරිස්සම් කරන්න බාර දුන්නා.

පිහාටු 🪶 ☑️Where stories live. Discover now