පිහාටු 🪶37

917 73 5
                                    

ඒ දවස මතක් කරත් මගේ හිතට මහා මූසල හැගීමක් ගෙනාවා. ඒ එදායින් පස්සේ අද වෙනකන් සතියක කාලයක් පුරාවට යේනුක ඉස්කෝලෙ තියා ග්රවුන්ඩ් එකටවත් ආවේ නැති නිසා. ස්පෝර්ට් මීට් එකට හැම වැඩක්ම ටිකෙන් ටික ලෑස්ති වෙද්දි ඉස්කෝලේ ක්රීඩාබාර ගුරුවරයා වුන යේනුක සතියක කාලයක් පුරාවට නිවාඩු අරන් තිබුනා. හේතුව මොකක්ද කියලවත් මට හොයා ගන්න බැරි වුනේ ඒ ගැන කිසිම කෙනෙක් කිසිම දෙයක් නොදැන හිටිය නිසා. එදා ඉශාරා මිස් එක්ක වුන ඒ සිදුවීම යේනුකට ආරන්චි වෙලා එයා සදහටම මගෙන් ඈත් වුනාදෝ කියන බය මගේ හිත අරක්ගෙන තිබූනා. ඒ සිදුවීමෙන් පස්සේ කිසිම වෙනසක් නැති ගානට ඉස්කෝලෙට ආව ඉශාරා මිස්ට මම ආගන්තුකයෙක් වුනා. ආදරෙන් මම දිහා බලපු ආදරෙන් මගේ ලග හිටපු ආදරේ වෙනුවෙන් හැමදේම මට දෙන්න හදපු ඒ හදවත මාව ආගන්තුකයෙක්ම කරලා දාලා තිබුණා. ස්පොර්ට් මීට් එකේ වැඩ වලට මම දවසම ග්රවුන්ඩ් එකේ කාලේ නාස්ති කරද්දී පංතියක් පැත්ත පලාතෙවත් යන්නැතුව ඉද්දි වෙනදට

"ග්රවුන්ඩ් එකේම ඉන්නවා නෙමේ පංතියේ වැඩ කරන්න එක්සෑම් කරන්නේ කොහොමද ඔහොම ඉදලා"

"ශාදි ඔය තරම් අව්වේ ඉන්නෙපා ඔයා කලු වෙයි"

කියලා බනින්න හරි ලගට එන ඉශාරා මිස් මගෙන් ඈත්ම වෙලා තිබුනා. ඉශාරා මිස්ගේ හැසීරීමත් එක්ක මගේන් ඈතට ගියපු එයාගේ මතක හිත ගස්සවලා තිබුණ ඒ සිදුවීම පරයලා යේනුකගේ නොපෑමීනීම හදවතේ උඩටම ඇවිත් අහීමි වීම කියන වේදනාවෙන් හදවත පුරවලා තිබ්බා. ඉවසලා බැරිම තැන යේනුක එක්ක පොඩි හරි ගනුදෙනුවක් කරපු ඉශාරා මිස්ට මම මීට දවස් දෙකකට කලින් කතා කරා. ඒ එයා එයාගේ නන්නාදුනන මනමාලයට බහ දෙන්න දවස් දෙකකට කලියෙන්.

"මීස්"

"ඇයි ශාදය"

"මිස් යේනුක සර් ඉස්කෝලේ එන්නැති හේතුව දන්නවද?"

ඒ ඇස් පුදුමෙකින් මම දිහා එදා බලාගෙන හිටියා. තවත්
වෙලාවකට ඒ ඇස් වල

"ඔයා ඇයි යේනුක ගැන මගෙන් අහන්නේ?"

කියන කුතුහලේ පිරිලා තිබූනා.

"ඔයාගෙන් නැතුව මම වෙන කාගෙන් අහන්නද? යේනුක ලගින්ම අස්රය කරපු කෙනා ඔයා වෙද්දි."

පිහාටු 🪶 ☑️Where stories live. Discover now