මම අඩිය දෙක ඉස්සර කරා. මලිදු වගේම අකිලටත් මම හදා ගත්ත බොරුව කියලා මම ඒ අයගෙන් සමු ගත්තා. මේ මම කරන දේ හරිද. පණටත් වඩා මම ආදරේ කරන ආදරෙවන්තයෙක් මට ඉන්නවා. මගේ හදවතට අයිතිකාරයෙක් ඉන්නවා. එහෙම අයිතිකාරයෙක් ඉන්න මගේ ඒ හදවතම ඇයි ඉශාරා මිස්ගේ වචන පළිපදින්නේ. එයා කියන දේට ඇහුම්කන් දෙන්නේ. එයා දිහා කෙනෙක් නරක විදියට බලන බැල්මකට පවා ඒ බලන කෙනා වෙනුවෙන් තරහක් එන්නේ ඇයි. මට හිතා ගන්න බැරි වුනා. මුලු හදවතින්ම යේනුකට ආදරේ කරන ඒ මගේ හදවතට ඉශාරා මිස් මම ලග හැසිරෙන විදිය ගැන හිතා ගන්න බැරි විදියේ පිරෙහෙලිකාවක් ඇති වුනා. ඒ හදවත ඉශාරා මිස් වෙනුවෙන් ගැහෙනවදෝ කියන බයානක සිතුවිල්ල මට එන්න ගත්තා. මම ස්ටේඩියම් එකට ඇවිත් බොටම් එකට අත් දිග ජර්සි එක දාගෙන ග්රවුන්ඩ් එකෙන් එලියට ආවා. ඒ වෙද්දි පංතියේ ළමයි ඒ හරියේ හිටියේ නැතිම තරම් වුනා. මම ඉශාරා මිස් එක්ක ඒ රන්තලිය තානායමට කියන පාරෙන් වැවට ඇතුල් වුනා. මගදිගට කල්පනා කර කර ආව මම මගේ හිතේ කැකෑරෙමින් තිබුණ ප්රශ්නේ මිස්ගෙන් අහන්න මුල පිරුවා.
"මිස් මම ප්රශ්නයක් අහන්නද?"
"අහන්න ශාදි"
"ඇයි මට චේන්ජ් කර ගන්න කිව්වේ..."
"සාරියක් ඇදගෙන මම යුනිෆෝර්ම් එක ඇදගත්ත ඔයා එක්ක කොහොමද ශාදි එක ලග වාඩි වෙලා මේ වගේ
තැනක ඉන්නේ""දැන් මොකක්ද තියෙන වෙනස මිස්?"
මට මිස්ගෙන් අහන්න ඕනි දේ එකපාරම නැතුව මම මට ආදාල දේට වටෙන් ඇතුල් වෙන්න උත්සහ කරා.
"ශාදි දන්නවද යුනිෆෝර්ම් එක ඇතුලේ ඉන්න ඒ සෙල්ලක්කාර පිරමි ළමයා නෙමේ ඔය විදියට ඇන්දාම ඉන්නේ. ඇදුමට විතරක් නෙමේ මූනේ වැවිලා තියෙන රැවුල් කොට වලිනුත් ඔයාට මැචුවර් ලුක් එකක් එනවා. ඉතිං කවුරුත්ම අපිව සැක කරන්නෑ එතකොට"
"සැක කරන්නෑ කිව්වේ මිස්?"
"ශාදි... මගේ නම ඉශාරා ඒ නමින් විතරක්ම කතා
කරන්න. අපි දැන් ඉන්නේ ඉස්කෝලේ ඇතුලේ නෙමේ.."ඒ ඇස් වල ආයාචනාත්මක බැල්මක් පුරවගෙන එයා මම දිහා බලන් හිටියා.
YOU ARE READING
පිහාටු 🪶 ☑️
Romance"ඔයා වෙව්ලනවා. ටිකක් රිලැක්ස් වෙන්න.. " ගැඹුරු හඬකින් ඒත් මට විතරක් ඇහෙන ගානට එයා කතා කරා. මගේ හුස්ම වල සද්දේ වැඩි වුනා. එයාට ඇහෙන තරමට ඒ හූස්ම වල සද්දේ වැඩි වුනා. මෙච්චර කල් මම දිහා බැලුවේ නෑ කියලා හිතපු කෙනා. මාව දන්නෙවත් නැතුව ඇති කියලා මම හිත...