පිහාටු🪶17

1.4K 133 9
                                    

වාරෙක අවසානේ. ඒලෙවල් පටන් අරන් ගෙවුනේ මාස පහක් වගේ පොඩි කාලයක්. ඒ මාස පහ ඇතුලෙම මම ජීවත් වුනේ යේනුක කියන මගේ ජ'මන් ගුරුවරයා වගේම මගේ ඇත්ලටික් කෝච් එක්ක මගේම ලෝකෙක ආදරේ කියලා සාමාජෙන් කොන් කරපු අසම්මතයක් එක්ක. ඒ මාස ගානට මම යේනුක නිසාම කොලු කාරයෙක් සමලිංගිකයෙක් කියන ලේබල් එක මටම ගහගෙන හිටියා. ඒක සමාජේ මොන විදියකින් කොහොම දකින දෙයක් වුනත් මගේ හිතෙන් ඒක සාමාන්‍යකරණිකරනය කරගෙන මම ජීවත් වුනා. මාව ගනන් නොගන්නේ මට කතා නොකරන්නේ මට හිනා නොවෙන්නේ ඒ මාව එයාට විශේෂ නිසා කියන හීනමානෙක මම ජීවත් වුනා. මේ කාලේ පුරාවටම මට මාව කවුද කියන එක අමතක වෙන්න තරම්ම මගේ ජීවිතේ මම කළ යුත්තේ මොකක්ද ⁣ කියලා අමතක වෙන්න තරම්ම යේනුක කියන පිරිමි ආත්මේ මගේ ජීවිතේ අරක්ගෙන හිටියා. ඒත් මාස පහක් අවසානේ මාසෙක නිවාඩුවක් අරම්භ කරන දවසේ යේනුක මාව මම අතරමං වෙලා හිටපු හීන ලෝකෙන් කීද්දුවා. මම ඇහැරුනා. වේදනාත්මක අවසානයක් උරුම කරපු මාස පහක ලා රෝස පාට රොබරෝසියන් හීනෙන් මම ඇහැරුනා. ⁣සම්මතයෙන් එහා ෆැන්ටසියක ජීවත් වෙලා මම යතාර්තෙට මූන දෙන්න ආයෙමත් අවදි වුනා. අම්මගේ අහිමි විම දරාගන්න උදව් කරපු ඒ හීනෙන් සුවපත් වුනමගේ හදවතේ තුවාලේ ආයෙමත් පෑරුනා. පපුව වේදනාවෙන් ඇදුම් කද්දි ම⁣ම මගේ කදුලු පාලනේ කරගත්තා.

"කොල්ලෙක් වුනාම අඬන්න හොදනෑ. ඕනිම දේකදි ශක්තිමත් වෙන්න ඕනි"

අම්මා නිතරම කියන වචන ටික මට සිහි වුන හින්දම මම මගේ කඳුලු පාලනේ කරගත්තා. ඒත් මගේ හිත අතරමං වෙලා තිබුනේම මීට සුලු මොහොතකට කලින් ගෙවුන තත්පර විනාඩි ඇතුලේ. මගේ ඒකපාර්ශ්වික ආදරවන්තයා විසින් මගේ හදවත කීතු කරපු  ඒ අසික්කිත මොහො⁣ත ඇතුලේ. එතන මට මේ තරම් හිත රිදෙන්න මේ තරම් වේදනාවක් දැනෙන්න තරම් වචන හුවමාරැවක් වුනාද. නෑ එතන වුනේ එක දෙයයි. යේනුක ගුරුවරයෙක් විදියට මට අවවාද කරා. ඒත් ඒ අවවාදේ වචන දහයකට සීමා වුනත් ඒ වචන දහය මාව වේදනාව කියන ගගේ ගිල්ලවලම දැමුමා. ගොඩ ඒමක් නැතිම වෙන ගානට ගිල්ලුවා. මොකද මම එයාට ආදරෙයි. ඒ හදවතේ මම වෙනුවෙන් ආදරයක් තිබුනා. මට ඒක දැනුනා. ඉතිං මට රිදුනා රිදෙන්න පුලුවන් උප⁣රිමෙන් රිදුනා. මොකද ඒ මගේ ආදරේ. මගේ හදවතේ අයිතිකාරයා.

පිහාටු 🪶 ☑️Where stories live. Discover now