පරිච්ඡේදය 4

348 60 7
                                    

නිකට යටින් ලාවට ගප්පියාගේ වැවි ගෙන එන දැලි රැවුල,ඒ දිහාව බලාගෙන උන්න මට කිවේ මයෙ හින්නි එකා ඉක්මන්ට ලොකු වෙන වග.මූ හැමදාම පොඩි විදිහටම හිටියනං මයෙ නැට්ට වාගේම ඉදියි ලොකු වෙද්දි මූ වෙනස් උනොත්.


"මේක දැලි පිහියෙන් ගාමු.එතකොට ඉක්මන්ට ඝනට වැවෙයි.හුක් -"


ගප්පියාට උපදේස දිදී උන්න මයෙ අත නලියාපු නිසා මං උගේ රැවුල් ගස් දෙකෙන් ලාවට ඇද්දා විතරයි මූ මයෙ පපු මැද්දේ තියෙන මයිල් ගස් ටික ගැලවෙන තරම් හයියෙන් ඇද්දා නෙව. මට තරු පෙනුනා මූ නම් මහා යකෙක්.


මයේ පපුවේ ඉඳන් මවිල් පාර දිගේ බලාගෙන ඇවිදින් මයෙ සරම් ගැටේ දිහා වෙනකං බලාලා කින්ඩි හිනාවක් දානවා.මක් වෙලාද මූට. මයෙ බඩ පොත්තත් මොකද්ද වෙලා ගියා ඒ බැල්මට.


අපි මේ රෑ කවි මඩු යන්ඩ නාන ගමන්.මුන් දෙන්නා සමගි වෙලා ආයේ රණ්ඩු සරුවල් නෑ කියලා මාව පරක් කරගත්තා වැඩේට.නගා ඉතින් මේ වායේ තැන් වලින් නාන්නේ එහෙම නෑ.ඉතින් මායි මූයි තනි උනා වැව් ඉස්මත්තේ.


"උබට කියන්න කාරණාවක් තියේ.මේක හිතේ හිර කොරාන ඉන්ඩ බෑ තවත් මට"


මූ කවද්ද කරුණු කාරණා කියන්ඩ කලින් අවසර ඉල්ලුවේ.මොකක් හරි මගෝඩියක් තමා ඕන්.


"මොකද්ද?"

"අර එදා උබල කඩ පෙළට ගිය දවසේ~"

"ඉතින්?"

"මං තනියෙන්නේ උන්නේ"



මං ගප්පියාගේ මූණ දිහා බලාන ඉන්නවා මූ පුරස්නේ කියනකං ගප්පියා උගේ උණ බම්බු වාගේ කකුල් වතුරට ඔබාන ජබුන් ගහනවා.



"මට පාළු නිසා වෙද අත්තාගේ පොත් ගොඩෙන් පොතක් ගත්තා"

"ම්ම්ම්...ඉතින්?"

"ඒකේ- ලඟට එන්ඩකෝ"


වටපිට බලලා හොරගල් අහුලපු ගප්පියා මයේ කනට කොරල කි දෙයින් මයෙ කන රත් වෙලා දුම් දාන්න ගත්තා වාගේ දැනුනේ.


"අනික මං හිතාන උන්නේ මිනිස්සු බල්ලෝ බලල්ලු වාගේ නැතුව ඇතිය...උන්ට වඩා හොඳ විදිහක් අපිට ඇතිය... කියලා"

|| දෑල ||Where stories live. Discover now