පරිච්ඡේදය 43

284 47 82
                                    

"කී දොහක් ද දැන්?? ඔහොම උන්නා කියලා රන් මැණික එන්නෙ නෑනේ මයෙ අයියේ"

"......"

"නොකා නොබී ඉඳල බෑනේ ඔහොම."

"......"

"බත් ඩිංගක් කමුකො.මං කවන්නද??"

"....."

"කජු මාලුයි බතුයි විතරක්?? හාද??"

"......"


මුණින් අතට ඉඳන් මං කොට්ටෙට මූණ ඔබන් ඉන්නෙ. ගප්පියා මයෙ පිට දිගේ වැතිරිලා. කොන්ද කූරු ගානවා. ඌ ගාව සීතලයි.


"බත් ඕනිත් නෑ. කජු විතරක්??"

"කරදර නොකර තනියම ඉන්න දීලා යනවකෝ!!!!!!!"


මං උළු හෙල්ලෙන්න කෑ ගැහුවාම ගප්පියා මයෙ පිටෙන් බැස්සා.

මං හෙමීට ඇස් පියා ගත්තා. මට රන් මැණික ගැන දුකක් නෑ. ඒත් මුළු හිතම හිස් ගතියක් වහගෙන. වලව්වම පාළුවට ගිහින් වාගේ.


සැරින් සැරේ උගෙ කුකූ සද්දෙ එක්ක බිරිල්ල ඇහෙද්දි ඇහෙන ගානේ මං දුවගෙන ගිහින් ජනෙල් වැටට හේත්තු වෙලා බලන් ඉන්නවා.ඒත් කවුරුත් නෑ.මම හිතා ගත්තා මම ආයෙ සත්තූ හදන්නෑ. උන්ගේ ආයුෂ ගොඩක් කෙටියි.


ඌ බුදියාපු පාපිස්ස, උගෙ භාජන සේරම විසි කරා. ඒත් ඇස් පියාපු ගමන් අහිංසක මූණ මැවිලා පේනවා. බත් කටක් කන්න හිතෙන්නෑ රන් මැණික කන හැටි මතක් වෙනවා. ඒකි ආසාවෙන් කන්නෙ මං අතින් අනලා දාන බත් විතරයි.

"ආ ගන්න"

"......"

"අතත් රිදෙනවා ගන්ඩකෝ"

"......"


කොට්ටෙට මූණ ඔබං උන්න මං ඔලුව උස්සලා ගප්පියා දිහා බැලුවා. පින්සලකුයි. සායම් කුප්පියි.

ගත්තු නැති හන්දා මං ගාවිං තියලා ආයෙම ගිහින් මයෙ කඩදහි ගොඩෙන් කඩදහියක් අරන් ඇවිත් ඇද උඩින්ම තිබ්බා.

මම ඇද උඩ ඉඳ ගත්තාම ගප්පියාගෙ මූණේ හිනා මලක් පිපුණා. කඩදහිය ගුලි කරලා විසි කරාම මූණේ හිනා මල පරවුනා. හුස්මක් පාත දාපු ගප්පියා මට පිටුපාලා ඇදෙන් වාඩි උනා.


ගුරු පාට සායම් කුප්පියක් ඇරලා පින්සල් තුඩට තවරගත්තු මං ගප්පියාගෙ පිට රේඛා දිගේ පින්සල ඇදගෙන ගියා.

|| දෑල ||Where stories live. Discover now