මං මේ යන ගමන් පාරේ ගල් කැට වලට පයින් ගහන්නේ කොරන්ඩ දෙයක් නැති කමට.හැමදේම ඉස්සරලාම උඩ පැන පැන කනේ තියන එකාට මේක ගැන කියන්ඩ වගක් නැති හැටි.
අහන්නත් හිතයි.බෑ එක්කොත් මං ඕපාදූප හොයන එකෙක්ය කියලා හිතාවි.
"ගප්පියෝ දියත කාගේ කවුද?"
"උබට මොකටද?"
"දැන ගන්ට.උබ මාත් එක්ක හොදින් ඉන්න වෙලාවක් ඇත්තෙම නෑනේ.මං මෙච්චර හොදින් අහලත්"
මයෙ නගාට මයෙ නිවුන්නා නිසා හිත් කියවන්නවත් පුලුවන්ද.එක බීජේ දෙකඩ කරන් ආපු උන්ට එහෙම පුලුවන්ද දන්නෑ.ඒත් මට බෑනේ.
ගප්පියා මා දිහාව බැලුවේ උබටත් දැන ගන්ඩ ඕනිද අහන්ඩ වාගේ.මට තමයි බං මෙතන ලොකුම ඌමනාව.
"කෙටියෙන් කියනවනම් ඒ මයෙ අම්මගේ මිනිහගේ නංගිගේ බැදපු එකාගේ අක්කාගේ මල්ලිගෙ පුතා. උබට තේරෙන්නෑ.ඔලුවෙ ගොමනේ."
මගේ ඔළුවෙත් ගොම.
"ඒ කිව්වේ?"
ලැජ්ජාව බල්ලාට දාලා මං ඇහුවා ඉතින්.
"මස්සිනා"
මං පයින් ගහපු ගල හිතුවට වඩා ඈතට විසික්කා වෙලා ගියා.
"ඉන්නේ උබ විතරයි කිව්වේ ඇයි?"
"කවුද දන්නේ? ඌයි මායි විතරයි වෙන්නැති අන්තිමට ඉතුරු උනේ"
මට දැන්නම් මේ දියතයාව දැනෙන්නේ මයෙ පොඩි එකාව උදුරාන යන්න ආව රාජාලියෙක් වගේ.පටාචාරවටත් දැනෙන්න ඇත්තේ මෙහෙමයි එදා.
"වෙද අත්තා අදුරනවද මූව? වෙද අත්තා පවුලේ එකෙක් නෙවේ ද?"
"චි: හ් පුදුම වදයක්නේ.ගමේ අනිත් උන් හොදයි තව. වට්ටි අම්මා"
"මේ ඇටයගේ ලොකුකම බලන්ඩකෝ අයියන්ඩි"
"කවුද දන්නේ දීයතයා කෙප්ප කෙලිනවද කියලා. ඒකයි ඔය අහන්නේ ඔච්චර."
මං නගාවත් සුද්ද කරේ මටත් හරි විස්තරේ දැනගන්ඩ ඌමනා නිසා.ඕපාදූප හොයනවා නෙවේ මේ ඔන්න. මං දැනන් ඉන්න එපැයි ආශ්‍රය කරන්නේ කවුද කියලා.
"නෑ නෑ දියතව අදුරනවා. ඌ මයෙ අම්මා ගැන විස්තර දන්නවා වෙද අත්තට වඩා....
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)