පරිච්ඡේදය 40

255 50 58
                                    

හඳ එළිය අම්බලම හැමතැනම දිව්වත් අවටින් ඇහෙන්නේ රැහැයි සද්ද එක්ක එක්කාසු උන උලමගෙ සද්දෙ විතරයි.

ගප්පියා අම්බලමට ගොඩ වෙන පිල් කණ්ඩියේ ඉදගෙන.මම බිම ඇතිරිල්ලක් එලාගෙන වැතිරිලා ඌ දිහා බලන්. දියතත් මට එහා පැත්තෙ බුදියගෙන අම්බලමේ හිල් ගණන් කරනවා.

මං දියත ගාවට පෙරලුනා. දියත මා දිහා බලාගෙන වැදගත් දෙයක් කියන්ඩ සැරසෙන බව පෙන්නුවා. ඌ උගෙ යෝධ අතක් උස්සලා මයෙ මූණ ගාවට ගෙනත් නහය මිරිකුවා.

"ඔය මාමඤ්ජිට පුදූ~ම අසහනයක් තියෙන්නේ"

දියතයා මට දිව දික් කරා.මේ මිනිහට ඩිංගක්වත් බැරෑරුම් වෙන්න බැයිද මං අහන්නේ.මන් මයෙ මල් පෙතිවන් සුමුදු ඇගිලි තුඩු වලින් ඒ වියපත් බඹරාගේ ඇගිලි ටික අහක් කරා.

"ගිහින් ගප්පියට කතා කරන්ඩ"

"මට උබට වගේ උගෙ හිත කියවන්න බෑ. ඇදගෙන නාන්න තමා වෙන්නේ. උබම ගිහින් බලපන්කෝ"

"ඌට දැන් ඕනි මාව නෙවේ උබව. උපරිම උනොත් පීනස හැදෙයි.කෝ නැගිටින්ඩ "

මං නැගිටලා මහා පතරංග යෝධයාව නැගිටවන්න කියලා හිතාගෙන අතින් ඇද්දා. මහාමේරු පර්වතේ තිබ්බා වාගේ හෙල්ලෙන්නෙවත් නෑ.

"නැඟිටින්ඩකෝ~"

දියතයා ඇස් පියා ගත්තා.හහ්! ඕවට කරන්න ඕනි දේවල් ගප්පියා මට කියලා දීලා තියේ.මං දියත නැගිටිනකන්ම අත හෙල්ලුවා.

"තොපි දෙන්නම එකයි. පුදුම වදයක් දෙන්නේ."

දියතයා සරම හදන ගමන් නැගිට්ටා.


"මට බෑ බං "

"යං යං යං යං අපි පෙරට"

මං දියතව ඉදිරියට තල්ලු කරා. මූව ඉස්සරහට යන්නෑ. ඌව තල්ලු කරන මාව පස්සට විසි වෙනවා විතරයි.


"ගිහින් මොනාද අහන්නේ??"

"අහන්ඩ නෙවේ කියන්ඩ. වැඩිපුර දන්න දේ ගැන. සන්සුන් උනාට පස්සෙ පද පෙරළිය ගැන අහන්ඩ...

මොකද්ද අනේ හතර පෙන්නලා දෙක කීවත් විස්වාස කරන තරමට උබට අපිව අන්දන්න පුලුවන්නේ. වචන හරඹෙට උබ දක්ෂයි. නොබියව ඉදිරියට!!"


|| දෑල ||Where stories live. Discover now