පරිච්ඡේදය 63

239 47 20
                                    

නිල් එළිය වැටෙන්න හෝරා දෙක තුනකට පෙර ඉඳන්ම මම ලක ලැහැස්ති උනේ මයෙ ජීවිතේ මුල්ම වතාවට දළඳා හාමුදුරුවන්ගෙ අලුයම තේවාවට සහභාගී වෙන්න.


සුදු සරම ඇඳලා සුදු රෙදි කඩකින් හිස ආවරණය කරගෙන සුපුරුදු රදළ පැලැන්ති ඇඳුමෙන් සැරසුනේ කෝකටත් තෛලෙ වාගෙ.අත දරන් උන්න රීදී තසිමෙ දාර දිගේ සුදු නෙළුම් අහුරලා තිවුනෙ ගැට පිච්ච මල් මැදිවෙන්න.


දවුල් තම්මැට්ටම් වාදන එක්කල හොරණෑ මුහු උන හේවිසි පිරිවරාගෙන වලිසිංහ රජතුමා ගමන් ගන්නෙ මහා සංඝනායක ස්වාමීන් වහන්සේට එකත්පසින්.


දෙවන පෙළේ ගමන් කරන දියත බුද්ධ පූජාව අත දරාන ඉන්නෙ සැදැහැසිතින්.දියත දෙපැත්තෙන් දෑලේ ගමන් කරේ මෙවිභූ එක්කල මම.


රදළ පැලැන්තියේ අයවල්ලු උනත් කොයිතරම් කටමැත දෙඩෙව්වත් මහ සඟරුවන හැරුනුකොට රජ පවුලෙන් එහා කාටවත් අවසර නෑ දළඳා මැදුරෙ සුගන්ධ කුටියට පය තියන්න.මට නම් ලැබුනෙ පෙර කළ පිනක මහිමයක්.


සුගන්ධ කුටිය පුරාවට විහිදිලා තියෙන්නෙ අනේකවිධ පුසුඹවල්.හිතට නැගෙන පිවිතුරු ශ්‍රද්ධාව වචනයට නගන්න නොතේරෙන්නෙ ඇයි කියලා මම දන්නෙ නැහැ.විදලම බලන්න ඕන මොහොතක්.


මයෙ මැණිකෙලා දන්නවද.දළඳා මන්දිරේ හේවිසි ශබ්ද පූජා ඇහෙන අලුයමට සතර වරම් දෙවිවරු තිස්තුන් කෝටියක් දෙවිවරු පිරිවරාගෙන ඇවිදින් තේවාවට සහභාගී වෙනවලු.


පැන්,දැහැටි පූජාවෙන් පහු හේවිසි නාද මැද්දෙ දියත බුද්ධ පූජාව දළඳා කරඬුව ඉදිරියෙන් තියලා පසඟ පිහිටුවලා වැඳල  පසෙකට උනේ මල් පූජා කරන්න අපට ඉඩ සකස් කරලා.


රිදී තසිමක පුරවාන ආව සුදු නෙළුම් මල් මම දළඳා කරඬුව ඉදිරියෙන් සකස් කරද්දි මෙවිභූ ලා මදහසක් ඇදුන මූනෙන් මා දිහා බලලා එයා ළඟ තිවුන මල් පවා මට දුන්නෙ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට පූජා කරන්න.


මල් ආසනය අපේ දෙඅත් වලින්ම සකස් කරලා අහවර උනාම අපි දෙන්නා එකම මොහොතක දළඳා හාමුදුරුවන්ට පසඟ පිහිටුවලා වැන්දෙ උතුරන ශ්‍රද්ධාවෙන්.


|| දෑල ||Where stories live. Discover now