තුන් දොහකින්වත් නැගිට්ටෙ නැත්තං වල දාමුය කිවාට මොකෝ මූ හතර දොහෙන් වත් නැගිට්ටෙ නැතිකොට කටේ බලේට තියා ගත්තේ වල නොදා. කෝමින් කෝම ගප්පියා මාවත් මූ එක්කම වල දාන්න ලෑස්ති වෙද්දි දෙයියනේ කියලා මූ ඇස් ඇරියා.
"දියත අයියන්ඩි එක්ක උබ තරහද නිලමේ~"
"හිතේ තරහක් නෑ බං. ආවේගෙට ගැහුවේ"
"දියත අයියන්ඩි පව්~ සුද්දට පැලකුත් ඇටෙව්වා.හිත හොඳටෝම රිදිලා උන්නේ...
ගියා ගියාමයි ආවෙම නෑ.මං බලන් ඉදල ඉදල ඉදල බැරී~ ම තැන ගෙදෙට්ටත් ගියා හොයන්ඩ...
මං යනකොට වෙද ඇත්තො උබල සේරොටම දෙස් තියනවා.පොත්ත දිගෑරෙද්දි නාකි අපි කියන ඒව කනකට ගන්නෑලු... උන්දැට සේරම ඇති වෙලාලු.මට පව්~ හිතුනා."
"අරූට කපාපු වලේ මූව දාමු බණ්ඩාර! .....එදා මූ මැරෙන්න වැටිල ඉද්දි ඔය එකෙක්වත් පැව්~~~ ගාන්න උන්නේ නෑනේ."
උක්කුං විගහට මයෙ කකුල් අස්සේ හැන්ගුනා.
"කොල්ලව බය කරන්ඩ එපා බං!"
"......"
"කෝ අර ගිය දවස් ටිකේ උන්න හමුදාව??"
"උන් යන්නේ කිරි උක්කුවා පස්සෙනේ.මං මලයව ගෙදර යැව්වා අපුච්චාව බලාගන්ඩ. උන්දා කිතුලෙන් වැටිලනේ."
"අමාරුද??"
"කොන්ද ඩිංගක් ඇනිලා. මහ අමාරුවක් නෑය කිවේ"
ගිය දවස් පහේ සුද්දට ආවතේව කරේ මයෙ හිච්චි හමුදාවනෙ.අපි කියලත් නෙවේ. උන්ටම හිතිලා.මං බයේ උන්නේ උන්ගේ සද්දෙට ගමම මෙතන රොක් වෙයි කියලා.
බලන්ඩ තිබ්බ ගප්පියා නැති වෙලේ තනියා ආවානන් ඇච්චො ටිකට. දුවන්ඩ පාරවල් හොයන්ඩ වෙයි.
"දියත අයියන්ඩි!!!!"
මයෙ කකුල් අස්සේ රින්ගන් උන්න උක්කුං දියත දැක්ක විතරයි මායම් වෙලා වාගේ ලඟට දිව්වෙ. දියතයා හැරමිට්ටකුත් අරන් සොක්ක ගහ ගහා ආවා.
"උබට ගෙනාවේ."
"බොහොම පින් දියත අයියන්ඩිට "
"කොහෙද ගියේ??"
"උබේ මහ එකා හම්බෙන්ඩ!!"
දියත අතේ තිබ්බ ලීයක් ගප්පියා දිහාට විසි කරා. ඇහේහෙම ඇනුණානම්නේ.බස්සනවා ඕක තොට.
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)