හැමදාම වගේ මේ උදැනැක්කෙත් මං උඩ ගිහින් ඇහැරුනේ ගප්පියාගේ ගල් බොලොක්ක කටහඩට.
"බණ්ඩාරයෝ නැගිටහංකෝ. වෙද අත්තා උබව අහනවා."
"තාම කුකුළා කැගෑවැවත් නෑනේ"
"කංකෙදිරි නොගා නැගිටපල්ලකෝ."
ඕකා ඔය උදේ පාන්දර දෙසාබාන්නේ අලි කෙප්ප.වෙද මහත්තයාට ඉරුවාරදයයැ මේ පාන්දර මට කතා කරන්ඩ.මුට මගේ මූණ නොදැක නින්ද යන්නෑ කියලා මයේ අම්මා කියන්නේ.
අම්මා නිතරෝම කියනවා කෙල්ලෙක් හොයාන දීග යන්ඩ ඕනි කාලේ බණ්ඩාර අස්සේ වැටී වැටී ඉදලා බණ්ඩාර එක්ක තමා දීගකණ්ඩ වෙන්නේ කියලා.මු කියාපි යසයිනේ මැණිකේ කියලා.මයේ අම්මගේ කැකිරි හිනාව දෙගොඩ තලා යනවා එතකොට වලව්ව පුරාවට.
ගප්පියා හරි මුරණ්ඩුකරයා.ඌට දෙයක් ඌමනා නම් ඌමනාම තමා.මාත් ගප්පියාට හරි ලැදියි ඉතින් මතකැති කාලේ ඉඳලම අපි එක්කලාමනේ.අම්මා අප්පත් නෑ.වෙද මහත්තයා එක්ක ඉන්නේ.කාටවත් ගරු සරු කරලා කතා කරන්නෙවත් නෑ ඕකා.
හැබැයි පොඩි එකා ඉගෙන ගන්ඩ නම් හරි දස්සයා.ගාථා එහෙම පාඩම් තියනවා ටක්කෙටම.ලොකු හාමුදුරුවෝ මහණ කොරන්ට ගන්ට හැමදාම කතා කරනව.කොහෙද මේ බුරුවගේ පව්කාරකම. ඌට වැවේ නාන්ඩ නෑලු.මාළු අල්ලන්ඩ බැරිලු.දාහක් හේතු ඉදිරිපත් කරනවනේ.
"කොහෙද බන්ඩාරයෝ උබ යන්නේ."
"මං කොහේ යන්නද?"
"එහෙනන් කළු කුබි පේළිය දිහා බලන් ඉන්නෙ."
මං ගප්පියට උත්තර නොදීම පිළිකන්න පැත්තට ආවා. මුණ ඩිංගිත්තක් හෝද ගන්ඩ.මූ හෙලවෙන්නෑ මං ගාවින්.අනේ ඉතින් මයෙ නැට්ට.
"යං"
"කොහෙ?"
"වෙද මහත්තයා කතා කරා කිව්වේ"
ගප්පියා උදේ කෑම හොයාන් පියාඹන කුරුල්ලෝ ගයිනවා.මං කිවේ ඕකාගේ කෙප්පයක් කියලා.මං ගේ ඇතුලට ඇවිත් කමිසයක් දා ගත්තා.
"උබ තරහයිද මාත් එක්ක?"
"...."
"අහපල්ලකෝ.ලබන හෙනහුරාදා කවි මඩුවක් තියේලු.උබයි මායි යමන් ද?"
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)