මෙදා සැරේ නම් කුකුලාටත් කලියෙන් සරමක් කමිසයක් දාන් ආවේ කඩමන්ඩි පෙළ දිහාවට.අද බුරහස්පතින්දා සති පොලනේ.තව දින දෙහෙකින් මයෙ නගාගෙයි මගෙයි ජන්ම දිනේ.නගාට මොනා හරි දෙන්ඩයි කල්පනාව. හරී ගෝසාකරි මේ ස්ථානෙනම්.
"අනේ අප්පේ මේන් බලපල්ලකො සුදු මහත්තයා වැඩලා මොනාද හාන්දුරුවනේ ඌමනා ??"
"සුදු බේබි හකුරු මුලක් ගමුය?"
මට කඩපිලට අඩිය තිබ්බා විතරයි මතක.හැම එකාම මයෙ නම පාඩම් කරන්නා වාගේ කෑ කොස්සන් තියන්න ගත්තා.ඕන්න ඕකයි කඩපිලට ලේසියට මං ගොඩ වෙන්නේ නැත්තේ.
මුන් මාව ගිලින්ඩ හදනවා.ආපු රාජකාරියත් අමතක වෙච්චි පාර පහත රටින් ආව මුස්ලිම් වෙලෙන්දගේ සුකුරුත්තමක් ගාවයි මයෙ ඇස් නතර උනේ.
"අඩේ අප්ප ශුඩු නිලමේ මෙදා පාර පිංශල්,තෙල් ශායම් ඔක්කොම තියෙනවා....
නැව් නැගලා ගෙනාවා.නියම බඩු තමා.නිලමෙටම ගෙනාවා."
ගෑනු අදින එකක්ද? පිරිමි අදින එකක්ද? මුදලාලිගෙන් ඇහුවොත් නම් දෙගොල්ලොන්ටම අන්දාවි.ච:හ්!!
මං එතනින් මයෙ නගාට ගත්තා ලස්සන රෝස පාට පබළු අමුණාපු මාලයක්. මයෙ නගාව සතුටු කරන්න මහා ලොකු දේවල් ඕනි නෑ.
ඉර දෙපාමුලින් යන්ඩ ගිහින් හෝරා දෙක්කින් තුනකින් විතර මං පරිසරේ සාර සොබාව බල බල පයින්ම වලව්වට ගෑටුව.ඇත්තමයි මයෙ හිත කියනවා මූ ගිය ආත්මේ මේ වැවට තියලා අරක් ගත්තු එකෙක්වත් දෝ කියලා.
මූණට රාස්සිගේ අව්ව වැටිලා දඹ රන් පාට වෙලා.රැළි ගැහුණ කෙහෙ රැල්ලෙන් බේරෙන වතුර බිංදු දැන් වැවෙන් ගොඩ ආපු බව මට කීවා.ගිනි කාස්ටකේ ආපු නිසා මට හරි රස්නෙයි අප්පාහ්.මං ඌව මුන නොගැහි කෙටි පාරෙන් දාඩිය දම දම විගහට ගෙදර ආවා.
නාලා කරලා වියන් ඇදට වැටුණා විතරයි නැගිට්ටෙ ඊගාව උදේ.කුස්සි අම්මලා හරි හරියට වැඩ.මුළු වලව්වම කැවුම් පුසුබේ බැරුවා.පුදුමයි. අද දවසම ගප්පියා දැක්කෙවත් නෑ.
සුදු කඩදහියක් අතට අරන් ලී රාමුවට හයි කරලා හොඳ හුස්මක් පාත දැම්මේ හිත එකලාසයක් කරගන්න.පින්සල අතට ගත්තාම මයෙ හැගීම් වලට පාට පිරෙනවා.
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)