උඩරට වෙස් නැට්ටුවො කස්තිරම් අල්ලන්නෙ ගැට බෙර තාලෙට.වලව් සීමාවෙ ඉඳන්ම ශිල්ප දැක්වන්නෙ මෙවිභූ කුමාරයව පිළිගන්න.
රිදී සළුපිළිවලින් සැරසිලා රන් ආභරණ පැළඳගෙන සීතල ඍජු බැල්මෙන් ඉදිරිය බලන් බඳ පටියෙ රඳවාපු කඩුවට අත තියාගෙනම කුමාරයා වඩිනවා.
මේ තරම් කාලයක් ගොඩගැහුන තේජස අද උතුරනවා.
වලව්වට ගොඩ වෙන තැනදි උක්කුං කුමාරයාගෙ පා දෝවනය කරලා සුදු රෙදි කඩකින් පිහා දැම්මාම සුළැඟිල්ලෙ තිවුන මුද්දක් වතුර බඳුනට දාගෙනම කුමාරයා වලව්වට පය තිව්වා.
සුදු ළමා සාරි ඇඳන් උන්න රන්ලි,පොඩ්ඩි පිළිගැනීමේ ගීතයක් ගැයුවෙ මෙවිභූ වෙනුවෙන්.පොඩ්ඩි උන්නෙ රන්ලිගෙ තනියට.
ඒ වුනත් මෙවිභූ කුමාරයා බලන් උන්නෙ බොරුවට තොල් මතුරන ගමන් සද්ද නොනැගෙන්න තාල අල්ලන්න දඟලන පොඩ්ඩි දිහා විතරයි.
වලව් දොරකඩ ගාව උන්න මම දබරැඟිල්ලෙන් තුම්පොට්ටියේ ගහල තිවුන කිණිස්සට තට්ටු දාන ගමන් බලන් උන්නෙ මනමාලයා පිළිගන්න.
පිළිගැනීමෙ ගීතයට ප්‍රසාද දීපු කුමාරයා බර අඩි තියන ගමන් ඇවිදින් මා ඉස්සරහ හිට ගත්තාම හෙළ සිරිතට මම අත් එකතු කරලා හිනා උනා.
"ආයුබෝවන්!"
"ආයුබෝවන්!"
වෙනතක් බලාගෙන හීන් මදහසකින් කිව්ව කුමාරයා මා එක්කල වලව්ව ඇතුළට ආවෙ සමාන්තර ගමනින්.
පෙරමුණේ යන අපි දෙන්නා දිහා බලාගෙන පුටුවක් උඩ කකුලක් පිට කකුලක් දාගෙන උන්න දියත ඉන්දියානු ආරෙට ඇස් වහ කඩනවා.
මම දියතට පේන්න මැදඟිල්ලෙන් නහය කැසුවා.දියතයා මැදඟිලි දෙකෙන්ම නහය කැසුවා.හොඳ හොඳ ඒවා ඔලුවට ආවත් වලව්වෙ මූලාසනය හොබවන කෙනා විදියට හැසිරෙන්න උවමනා හන්දා නොදැක්ක ගානට ඉස්සරහට ඇදුනා.
අපි පෝරුව තිවුන මැද වලව්වට ආවම සුදු ඔසරියකින් සැරසුන නගා සුදු නෙළුම් මල් කලඹක් එක්ක කාමරෙන් එළියට ආවෙ අම්මයි එමලියි එක්ක.
මම කාමරේට ගිහිං අසනීපෙන් උන්න අප්පච්චිව වාරු කරන් ඇවිදින් හාන්සි පුටුවෙන් දිගෑදෙන්න වාඩි කෙරෙව්වා.
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)