"මයෙ අම්මාහ්!!!!"
රෑ නිදි මරලා යන්තං පාන්දර ඇස් පිය උනේ.ආයේ ඇස් දෙක අරිද්දී මයෙ මූණට එබිලා උන්න නගාව මං දැක්කේ මහ සෝන් යකා වාගේ.තාම ගිඩි ගිඩි ගාන පපුවත් අල්ලාන මං ඇද වියලට හේත්තු උනේ ඇස් දෙක පරිසරේට හුරු කරන ගමන්.
"බය උනාද?"
"එකපාරට මූණට එබිලා ඉද්දී බය හිතුණා"
නගා හිකි හිකි ගාන ගමන් මයෙ ලගින් වාඩි උනා.හරි හිනා හුහ්!!
"අම්මා කැවුම් කිරිබත් ලෑස්ති කරලා උදේ කෑම මේසේ ඉදුල් කරන්ඩ අපි දෙන්නා එනකන් බලන් ඉන්නවා ආන්....
උබ තාම කෙලත් පෙරාන් බුදි."
මං හෙමීට පිටි අල්ලෙන් කට දෙපැත්ත පිහද ගත්තා.නගා මං පොරවාපු රෙද්ද ගසාරින අතරේ මං සරම් ගැටේ තද කොරන ගමන් එලියට ඇවිත් මූණ අත පය හෝදා ගත්තා.තුවා රෙද්දෙන් පිහ පිහා කාමරේට එද්දී නගා මයෙ කාමරේත් අස්පස් කරලා යන්ටත් ගිහින්.
මං මයෙ ලියන මේසේ උඩ වේලෙන්න දාලා තිබ්බු අත් සලකුණු තියාපු සුදු රෙද්ද අතට ගත්තා.මටත් නොදැනිම මයෙ මූණට ලා හිනාවක් ආවා මයෙ හිතේ.මං ඒක මයෙ පින්තාරු දාන උණ බම්බුවට දැම්මා.තාම නගාට පබළු මාලේ දුන්නෙත් නෑ නෙව.
අලුත් සරමකුයි කමිසෙකුයි දාන් උදේ කෑම මේසෙට වාඩි උනාම මයෙ අම්මා කිරිබත් කෑල්ලක් කවල ඉස් ඉස්සරෝම ආයුෂ පැතුවා ඕන්.
"සුදු පුතා පන්සල් යන්නේ කීයටද? අප්පච්චිට එන්න වෙන එකක් නැල්ලු ඕන්."
"හවහට කවි මඩුවට යන්න කතා උනා ඊට කලියෙන් පන්සලට යන්න ඕනි"
"උදෙන්ම ගිහින් ආවොත් නරකද පුතේ?"
"අයියන්ඩි මට කිවේ නෑ නෙව කවි මඩු යන කතාවක්!!"
මං නගා කියන ඒවට විතරක් බීරි මනුස්සයෙක්.
"පන්සල් උදෙන්ම යන්ඩ තමා උන්නේ.ගප්පියා ආවේ නෑනේ ඌ ආවමම යනවා අම්මා."
"අයියන්ඩි උබලා මං නැතුවද කවි මඩු යන්නේ!!??????"
"...."
"අයියන්ඩිහ්!!!!!"
"....."
"සූරියබණ්ඩාරහ්!!!"
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)