ආලෝක අන්ත දෙකක අතරමං වෙලා උන්න මම එක් අන්තයකට හති දාගෙන දුවලා ගියාම නතර උනේ සැප ඇඳක් උඩ.
මට ඇහෙනවා එයා හුස්ම ගන්න විදිය.මට දැනෙනවා එයා මයෙ කන් පෙත්ත පිරිමදින විදිය.හිසකේ ඇඟිලිතුඩුවලින් පිරිමදින ගමන් හිස අතගාන්නෙ සෙනෙහස මයෙ ඇඟට කාන්දු වෙන විදියට.
ඇඳ උඩ දිගා කරවලා මයෙ හිස තියෙන්නෙ එයාගෙ උකුල උඩ.මම ඇස් පියාගෙන තාමත් අන්තය විපරම් කරන ගමන්.මම නතර උන අන්තය නිවැරදි මයෙ හිතේ.
මයෙ දෙතොල් තද වෙලා තියෙන්නෙ විඩෙන් විඩේ ගැස්සෙන එයාගෙ කුසට.මයෙ මූනට තද වෙලා තිවුන තැනට දැනට නොදැනෙන ගානට හාදුවක් තවරපු මම හොරෙන් ඇස් උස්සලා බැලුවෙ හොර බළලෙක් ගානට.
මෙවිභූ මා දිහා බලාගෙනම ඉන්නවා ඇස්වල කදුළු පුරවගෙන.
"පපුව රිදෙනවද මැණික???"
"ඩිංගක්!"
නිල් ඇස් වලට යා වෙලා තිවුන කලු ඇස්වලින් අහේතුකවම කදුළු කැට මයෙ මූනට වැටෙන්න ගත්තා.මම වැරදි දෙයක් කිව්වද.එයා මාව තුරුළු කරගෙන අඬන්න ගත්තෙ මම මැරෙන්න වැටිලා ඉඳලා පණ ආව විලාසෙට.
"ඔයා එනකන් මේ තරම් කාලයක් බලාගෙන ඉඳියෙ මැරෙන හැටි බලන්න නෙවේ දෙවියනේ.."
"මම-"
"මාව දාලා යන්න එපා"
"යන්නෙ නෑ"
"මම තනිකමට බයයි මගෙ අධ්යාත්ම..."
කුමාරයාව තුරුලෙන් මිදුන මම ඇදෙන් බද්ධ පර්යන්කයෙන් වාඩි වෙලා මෙවිභූ දිහා බැලුවා.මේ එයා තමයි.අත් දෙකෙන්ම මූන වහගෙන හොඳටම අඬනවා.හොඳටෝම රතු ගැහිලා.
මම මෙවිභූව තුරුලට අරගෙන එයාගෙ පිට පිරිමදින ගමන් යහනෙ එකත්පස්ව තියෙන සීතල හුලං කෝඩ සැරින් සැරේ එවන කවුලුව දිහා බැලුවා.නිල් එළිය වැටුන පරිසරේ මීදුමෙන් බර වෙලා.
පොත් රාක්කවල පිළිවෙලට අහුරපු පොත්.තැනින් තැන ලස්සනට තියපු මැටි කළ වල පැළ කරාපු කොළ පාට පත්ර තියෙන පැළ.බිත්තිවල ගහලා තියෙන මයෙ සිත්තම් පෙට්ටගමෙන් අතුරුදහන් උන සිත්තම්.
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)