කවදාදෝ මන්දා වෙද මහත්තලාගේ දිහාවෙන් ගෙනාව ජෝතිෂ්‍යය ගැන පොතක් එක හුස්මට කියවාපු මං මේ හවහා ඇදේ වැටිලා ඉන්නේ පුදුම කම්මැලිකමකින්.
දින තුන හතරකින්ම දැක්කේ නැති මයෙ නැට්ට හොයාගන්නවත් නැතුව අතුරුදහන් වෙලා ගොහින්.ඩිංගක් ඇලවෙන්න කියලා හිතාන ඇදේ කැටයම් දිහා බලාන උන්න මට ලාවට නින්ද ආවා විතරයි -
ඩො: !! ඩො: !! ඩො :!!
සීතා අම්මට පිටි කොටන්න මතක් වෙන්නෙත් මං ඇස් පියා ගද්දී තමයි.
සද්ද බද්ද ගැන නොහිතා ඇස් පියාගන්න හිතුවට බැරි බව තේරුන හන්දා මං නැගිටලා ගියේ මයෙ පින්තාරු ලී රාමුව ගාව තිබ්බ රාහු කාලේ අදින්ඩ පටන් ගත්තු රාස්සිගේ අව්ව ගාවට.
හුස්මක් පාත දාපු මං මුළු සුදු කඩදහිය පුරාම රාස්සීගේ අව්ව හිතූ මනාපෙට තවරාන ගියේ හිත එකලාසයක් වෙන්ඩ.මැදින් මැදින් සුදු සායමෙන් කහ සායමෙන් ආයේ හැඩ කරාපු මං විසාල බුරුසු ටික පැත්තකින් තියලා අතට ගත්තේ කළු සායම් ටිකක් තවරාගත්තු හීනි පින්සල.
හිතේ අරක් ගත්තු රූපේ මං කඩදහියට පිටමන් කරන්ඩ ගත්තේ එහෙමයි.ලස්සන නිමාවක් දීපු මං යටින් මයෙ නමත් ලියලා ඇස් දෙක පියාගත්තේ පරිපූර්ණ අවසාන දර්සනේ දකින්ඩ
ඩිංගක් වෙලා ඇස් පියාන උන්න මං විසාල හුස්මක් පාත දාලා හෙමින් හෙමින් ඇස් ඇරියේ මයෙ හිතේ තිබුන රූපේ හරියාකාරව පිටමන් කරලාද බලන්න.පංකාදු පහයි!!!! ඒත් -
කරේ වැරැද්දක්ය කියලා හිතුන පාර විගහට ගොහින් දොර අගුළු දාලද කියලා ආයෙම බලාපු මං ජනේලෙත් වහල දැම්මා.
චේතනාහං භික්කවේ කම්මo වදාමි.චේතනාව තමා කර්මය වෙන්නේ. මයෙ ඔළු ගෙඩිය අස්සේ බණ පදත් කෑමොර දෙනවා.
ඕක පවක් නෙවේ සංසකයො නිරුවත කියන්නේ කලාවක්. උඹේ හිතයි කැත.මං පින්තාරුව නිර්දෝෂ කරන්න උත්සාහ කරා.
"සුදු පුතා!!!"
මයෙ අම්මගේ කතා කෙරිල්ලටත් ගැස්සුණ මං විගහට පින්තාරුව අරගෙන කළුවර අල්මාරිය යටට වීසි කරා.
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)