දවල් වරුවෙ මෙවිභූ මාව කඩුගන්නාවෙ අතුරු මාළිගාවට ඇරලවල රාජකාරියකට යනවාය කියලා කොහෙද යන්න පිටත් උනා.
නගා මම එන්නේ~ කොයි යාමෙද බල බල ගමකට ඇති වෙන්න කෑම හදාගෙන දොරකඩ ගාව රැකගෙන ඉන්නවා මම යනකොට.
මම මහා පරිමාණයෙන් කෑම වලට පෙරේත මනුස්සයෙක් නෙවේ.ඒත් මං වෙනුවෙන් හදලා තියෙන හන්දා ඉස්මුරුත්තාවට එනකන්ම කෑවා.
හරියාකාරව කියනවනම් ආගිය තොරතුරු අහන ගමන් නගා මම බෑ බෑ කියද්දිත් ගිල්ලෙව්වා.දැන් ඉන්නවා හුස්ම ගන්න බැරුව බඩත් දිගෑරගෙන.
"අයියෝ~ වටලප්පන් අමතක උනානෙ.මම හමීරාගෙන් අහගත්තෙ හදන්න.මෙවිභූ කන්න මනාප හන්දා...
අයියණ්ඩිත් මනාප වෙයි කියලා හිතුනා.කජුත් දාලා තියෙන්නෙ.අයියණ්ඩි ඉතිං කජු දාලා තියෙන ඕන දෙයක් කනවනෙ...
පලවෙනි පාරම හදපු එක මාරම රහයි.ඒත් මෙවිභූ කීවා රහ උනාට පිළීසැරයි කියලා.දෙවෙනි වතාවෙ එනසාල් එහෙම දැම්මම ගඳ ගියා.මේ තුන්වෙනි පාර....
රහද දන්නෑ.මටනම් රහයි.තාම මෙවිභූට දුන්නෙත් නෑ.අයියණ්ඩි කාලා බලලා කියන්නකෝ.කිතුල් හකුරුත් දාලා හැදුවෙ."
ගිරවියක් වාගෙ කියවන ගමන් නගා ඇවිදින් ලටපට්ටමකුත් කවන්න ගත්තා.
"මාව පුපුරයි"
"පුපුරන්නෙ කොහෙද.බත් කූරෙක් වගේ.කන්න දෙන්නෙ නැද්ද සීතම්මා.ආවම මම අල්ලගන්නම්කො උන්දැව....
අම්මටත් කියලනෙ ආවෙ අයියණ්ඩි බත් කන්න හොර හන්දා කන්නැත්තම් මෙන්න මෙහෙම බෙල්ලෙන් අල්ලන් කවන්න කියලා."
"මම කනවා අප්පා"
පුටු ඇන්දට ඔලුව බර කරගෙන මම කියද්දි නගා ලටපට්ටම් හැදි දෙක තුනක්ම කටට එබුවා.
මමත් මොකාද වගේ ඔහේ ගිලලා මූණට වැටුනු මයෙ කොන්ඩ කෑල්ලකට පැත්තෙන් පිම්බා.
"අයියණ්ඩිට කොන්ඩෙ දිගට වවලා ලස්සනයි.සරා~~~ගී පාටයි"
නගා මයෙ කොන්ඩෙ අතින් අවුස්සන ගමන් හිනා උනා.
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)