කොළ පාට පැළේ මම ගෙනිහින් ඇඳ ගාවම එහා පැත්තෙන් තිව්වා.බද්ධ පර්යන්කයෙන් ඇඳෙන් වාඩි වෙලා ' අධ්‍යාශ් සූරියබණ්ඩාර ' නම කොටපු පොත අතට අරන් පොරෝනෙ හොඳට ඇඟ වටේ ඔතා ගත්තා.
මූනට ළං කරාන ගුරු පාට හිස් කඩදහි ගොඩ මම අග ඉඳලා මුලට හෙමීට පෙරළගෙන ගියා.හඳුන් සුවඳක් එන්නෙ.සිංහල වැල් අකුරින් හැඩ උනු ගුරුපාට මුල්ම පිටුවෙන් කඩදහි ගොඩ පෙරලෙන එක නතර උනා.
'ගිනි ගන්නා මතක වලට
තනු පටලන්න ආසයි
ළඟ නැතත් ඔබ මගේ
ළඟ උන්නා වාගෙයි
පාවෙන්න
ගුලිවෙන්න
මතක නම් බෝමයි
නුඹ හමුවුන නිමේෂය නිදි වරුවක් ගානයි.....'එකම කවියක්.හැඟීම් දෙකක්.මොහොතකට කලියෙන් හිතේ දුකට ලීව කවිය දිහා මම මේ මොහොතේ බලාගෙන ඉන්නෙ මූනෙ හිනාවක් රඳවගෙන.
මම තීන්ත පෑන අතට අරගෙන ඇහි පියන් වැහුවෙ වැව් ඉවුරෙ දිගා වෙලා මා දිහා බලා උන්න හැඟීම් පිරුන කාලවර්ණ ඇස් මතක් කරගන්න.
යා වුන ඝන ඇහිබැමි දිගැටි ඇහිපිය එක්ක හැඟීම් පුරවගත්තු ඇස්.හුඟක් දවසකින් කඩදහියට නගපු සිත්තමකට ලස්සන නිමාවක් දුන්නෙ තීන්ත පෑනෙන්.
"ඒ ඇස් කතා කරනවා වගේ නිලමේ.හරිම ලස්සනයි."
"කාගෙද කියලා අඳුනන්න හැකිද??"
"ඔව්.අපිට එරෙව්වට ඔය විදිහටයි නිලමෙ දිහා බලන්නෙ."
"කවුද?"
"මෙවිභූ කුමාරයා "
"උබ පැහිලා වැඩියි.එනවා මෙතන අනුන්ගෙ දේවල්වලට හොරෙන් එබෙන්න.යනවා මෙතනින්."
මම හැකි වේගෙන් පොත වහලා ඔරවද්දි උක්කුං අතේ තිවුන වතුර එකෙන් ඩිංගක් මයෙ මූණට ඉහලා හිනාවෙවී එළියට ගියා.
උක්කුං ගියාම මම ආයෙම පොත දිගෑරලා මම මෙවිභූගෙ කුරුටු ගී කඩදහිය පොත ඇතුලට පරිස්සමට දාලා පොත තුරුලු කරන් පොරෝනෙන් ඔලුවත් එක්කම වහගත්තෙ මළමිනියක් ගානට.
මොණරුන්ගෙ සද්දෙට අවදි උන මම ඇදෙන් බැහැලා පොරෝනය නවා තියලා උඩු වියන් ගැට ගහලා ඇඳ පිළිවෙලට හැදුවා.උගුර කට වේලිලා ගිහිං ඇඟම තලා දාලා වාගෙ.මූණ කට හෝදාගෙන කිරි එකක් බීවා.
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)