මතක පොතට එක්කහු උන රෑ ගත කරලා තියෙන්නෙ ත්‍රීකුණාමල මුහුදු තීරෙ.නිවුනු දවල් වරුවක් - ගිනිගත්ත රැයක්.
කාලතුවක්කු සද්ද නුහුරු මයෙ කන්බෙර ඇතුලෙ තාමත් ගිනිබට හුවමාරු ඇහෙනවා.ගිනිගන්න ඇඟවල් පිච්චෙන වේදනාව දරාගන්න බැරුව කෑ ගහ ගහ සීසීකඩ දුවන මිනිස්සු, අහස උසට ගිනිදැල් නැගෙන කඳවුරු,සුනු විසුනු වෙලා පුපුරන නැව්.
ඔහොම කලබගෑනියක් මයෙ දෑහට අහුවුන මුල්ම වතාව.මිහිපිට අපායක් වාගෙ.රඟමඩල ගිනිතියපු තිරය පිටුපස කෙනා වාඩිය මැද තැන්පත් විදියට ඉඳගෙන කෝමාරිකා මද හූරනවා.
කරපින්නන් එනකොට නැව් බරාදියෙන් ගිනිගත්ත ලීයක් හැරීගෙ ඇඟට වැටිලා.පිච්චුනු උඩු කබාය හමත් එක්කල ඇඟට ඇලිලා තියෙන්නෙ.තව මදිවට වම් උරහිස් ඇටෙත් පැනලා වමත එල්ලෙනවා.
"කබාය අල්ලගන්න"
දාඩියෙන් පෙගුනු මයෙ අත් පිහාගෙන මම හැරීගෙ කබාය හැකි තරම් ඈතට කරලා අල්ලගත්තාම මෙවිභූ හමට ඇලිලා තියෙන කබා කොටස් මඟාරින ගමන් කබාය වටෙන් වටෙන් කප කප අහක් කරා.
"උරහිස් ඇටේ හදන්න යන්නේ.."
හැරී වෙනතක් බලාගෙන දත්මිටි කාගෙන හිටියෙ මීක් නොගා.ටකස්! ගාලා උරහිස් ඇටේ හැදුවාම හැරී හුස්මක් පාත දාලා ඔලුව වන වන මෙවිභූ දිහා බැලුවා.
පිළිස්සුම් තුවාලවලට අමතරව හැරීගෙ සුදුපාට ඇඟ පුරාම කසපාරවල් හන්දා ඇතිවුන කැළැල් තියෙනවා.ලන්සි කඳවුරේදි වධහිංසා ගොඩකට මුහුන දීලා ඇති හැඩයි.
ගිය මාස පහ හයට හැරී වයසට වඩා පදම් උන ඉලංදාරියෙක් වෙලා.මට මුලින් මුන ගැහුන ඇල් වතුරත් නිවලා බීපු එකා නෙවේ මේ ඉන්නෙ.
උරහිසේ තෙල් ගාන ගමන් මුමුණ මුමුණ මතුරන මෙවිභූ දිහා මම බලන් උන්නා.මම හුඟාරියක් මනාපයි එයා වෙදකම් කරන හැටි බලන්න.කල්පයක් උනත් බලන් ඉන්න හැකි නිවුනු මූණක්.
මම මෙවිභූගෙ පිස්සු ගතියට ආසයි.නිවුනු ගතියට ආදරෙයි.
සුදු පටියක් හැරීගෙ උරහිස වටෙන් ඔතලා වෙළුමක් දැම්මා.අත බෙල්ලෙ එල්ලලා තව සුදු පටියක් ගැට ගැහුවෙ හෙල්ලුනොත් ආයෙම ඇබැද්දියක් වේවි කියලා වෙන්නෝන.
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)