කොන්ද රිදෙනවාය කියලා කුනු කුනු ගාපු හන්දා ගිය රෑ ඉඳන් තාමත් මං මේ කොන්ද අත ගාන ගමන්.ආ දැන් නම් නින්ද ගිහින් ඇති කියලා අත ගත්තු ගමන් ම්හ්ක් ම්හ්ක් ගාලා කෙඳිරි ගානවා.
රන් මැනිකෙත් ඔහොමයි ඔලුව අත ගගා ඉදලා අහකට ගත්තාම. මයෙ රන් මැණික කෑවද දන්නෑ.
දැන්නම් ගප්පියා මයෙ ඇග හරහා කකුලකුත් දාන් මයෙ නිදහස් අත උගෙ පපුවට හිර කරගෙන පූස් පැටියා වාගේ බුදි.ඔය කීවට හොර ගෙඩියා ඇහැරල ඉන්නේ. උණක් නැති උනත් ඇග ලාවට රස්නෙයි.
එහෙ මෙහෙ වෙද්දි රිදෙන හන්දද මන්දා මූ හෙල්ලෙන්නෙවත් නෑ.වෙනදට අත් දෙක උතුරේ හැඩි දෙමල්ලු ළග.කකුල් දකුණේ ගොළු මූදේ.පස්ස ඒරොප්පේ.ඔලුව මයෙ ඇග අස්සේ.
"බණ්ඩාර~"
"ඇහැරුණාද??"
මට උගුර වේලිලා වාගේ දැනුන හන්දා පොඩ්ඩක් කැස්සා විතරයි පොඩි ඇටයා කන් කෙඳිරි ගෑවා.
"බණ්ඩාර "
"ම්ම්ම්??"
"මාව ගෑනියෙක් වගේ පේනවද?"
"නෑ. ඇයි එහෙම අහන්නේ?"
"මම යට ලීය උන හන්දා-"
"උබත් පිරිමියෙක්.මාත් පිරිමියෙක්. ගෑනු කෙනෙක් වෙන එක වරදක් නෙවේ. ඒත් යට ලීය උන හන්දා උබට එහෙම දැනෙනවා නම් ඊගාව පාර මං යට ලීය වෙන්නම්."
"එපා.උබ මුදුන් ලීය වෙනවටයි මං මනාප."
මම ගප්පියාගෙ දාඩිය ගඳ ඔලුව මැද්දට හාද්දක් දුන්නා.
"ගඳයි"
අද නැකැත් බලන දවස. යුවරජ තනතුර ප්රදානය කරන්නයි රාජ සභාවට නිත්යානුකූලව ඉදිරිපත් කරන්ටයි දිනයක් දා ගන්න ඕනි.
මෙහෙම නම් මට මූව කරේ තියං තමා යන්න වෙන්නේ.දැන් මස් දාලා උස ගිහින් උන්නට ඉස්සර තනි අතින් උස්සල හරහට ගත්තු එකා නේද මේ ඇත්තට. ඒ උනාට මට තාමත් මූ පොඩි ඇටයම තමා.
"මම කවදහරි කියල තියේද බණ්ඩාරගෙ ඇස් ලස්සනයි කියලා."
"නෑනේ"
"නිල් පාටයි. කාල වර්ණය එක්ක එක්කාසු උන නිල් පාටක්. ගැඹුරුයි. ඇතුලට ඇතුලට යන වංකාගිරියක් වගේ."
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)