"ම- මට නිලමෙට කියන්න දෙයක් තියේ"
"මොකද්ද??"
උක්කුං මා ගාව වැද වැටිලා කකුල්වලට ඔලුව තියාගෙන අඩන්න ගත්තා.
"මට සමාවෙන්න නිලමේ! කුමාරයට කියන්න එපා-!! හ්හ්- හ්හ්- මාව කම්බස් කරයි"
"හෝව්! හෝව්! මෙතනින් යං.අතන එමලි ඉන්නවා."
මම උක්කුංව නැගිටවන්න හදද්දි එමලි වහන් වෙලා උන්න තැනින් එලියට ඇවිදින් උගුර පෑදුවා.
"පෙලවහට මනාපද?"
"නෑ."
උත්තරෙන් සෑහීමකට පත් උන ගානට ඔලුව වනලා එමලි යන්න හැරුනා.
"එච්චරද?"
ඕක අහන්න වැදුම් ගෙට එන්න ඕනද.යන එන ගමන් අහන්නත් තිබ්බනෙ.එමලි මූන විතරක් හරවල මා දිහා බැලුවා.
"ඔයාගෙ අඩුවක් නෙවේ.මට වෙන කෙනෙක් ඉන්නවා."
ලාවට හිනාවෙලා ඔලුව වැනුවෙ දන්නවා කියන්න වාගෙ.
"කොහොමද!!??"
"එයාගෙ ඇස් වලින් "
එමලි- කියවන්න නොතේරෙන ගුප්ත පොතක්.වැදුම් ගේ ළඟ තනි කරලා යන්න ගියා.
මයෙ කකුල් අල්ලන් වැද වැටීගෙන උන්න උක්කුංගෙ උරහිස් වලින් අල්ලලා මං නැගිට්ටෙව්වා.වැදුම්ගෙයි ඇඳ උඩින් වාඩි වෙලා උක්කුංටත් එතනින් වාඩි වෙන්නය කියලා ඇඟෙව්වත් ඌ බිමින් වාඩි වෙලා මයෙ කකුලක් බදා ගත්තා.
උක්කුං ඉකි ගහනවා.අඬලා අහවර වෙච්ච වෙලේක කියාවිනෙ හිතාන මාත් උගෙ ඔලුව අත ගගා උන්නා.
"නිලමේ"
"අහගෙන ඉන්නෙ"
"මම- මං එයාව මැරුවා"
උගුර කට වේලිලා ගියා වාගෙ දැනෙද්දි මං හීන් සීරුවේ කෙල පිඩක් ගිල්ලා.ඔලුව අත ගගා උන්න අත නතර උනත් වෙනසක් නොපෙන්වා දිගටම අතගෑවෙ උක්කුංට හිතාමතා එච්චර දෙයක් කරන්න බැරි වග දන්න හන්දා.
"කාවද දැන් මැරුවෙ??"
"......"
"ම්ම්ම්ම්???"
උක්කුං සද්ද නෑ.
"එහෙනම් ඇයි මැරුවෙ කියනවද??"
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)