𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 𝟬𝟮

1.3K 195 9
                                    




"හියුන්ග් මං ආ‌වා...."

ගෙදරට ඇ‌තුලු වෙච්ච ගමන් කෑගහගෙන ජන්කුක් දුවන් ගිහින් නම්ජුන්ව හග් කරා..නම්ජුන් තමා ජන්කුක් ගේ කසින් හියුන් වුනේ.

"කුකි "

නම්ජුනුත් ඒ‌ ගමන්ම ජන්කුක්ව හග් කරා..

" මේ හියුන් මාත් මේතන ඉන්නවා "

නම්ජුන් හග් එකෙන් අයින් වෙලා බැලුවේ ඒ කවුද
කියලා දන්න නිසා.. මොකද එයා කලින්ම දන්නවා ජිමිනුත් එනවා කියලා.. ජන්කුක් ජිමින් දෙන්නාම පොඩි කාලේ ඉදන් ම යාඵවො නිසාත් යන යන තැන එ දෙන්නා එකට යන නිසාත් එයා දන්නවා...

" ජිමිනා.. කෝ එන්න එන්න "

නම්ජුන් කට පුරා හිනා වෙලා කියන කොට ජිමින් ගිහින් එයාව හග් කලා.

"ආ දැන් මන් මේතන ඉන්නවා දෙන්නගෙන් කවුරුත් දැක්කෙ නැහැ නේ"

" අනෙ හියුන් ඔයා මේතන හිටියා ද අපි දැක්කෙ නැනේ "

ජන්කුක් නම්ජුන් ගේ පිටිපස්ස දිහා ඔලුව හරවලා බලන ගමන් කිව්වා.

" ඔව් නේ "

ජිමිනාත් හග් එකෙන් අයින් වෙලා ඒ පැත්ත බලලා කිව්වා..
එහෙම කියපු ජන්කුක්යි ජිමිනුයි ඒ අයට ටිකක් එහාට වෙන්න හිටපු ජින් ළගට ගිහින් එයාවත‍් හග් කරා. ජින් කියන්නේ නම්ජුන් ගේ හස්බන්ඩ්..

"ඔව් ඔව් කන්න මොනා හරි ඔනේ වුනාම තමා මාව මතක් වෙන්නේ "

"අනේ එහෙම නැහැ හියුන් "

ජිමින් ඔළුව ටිකක් උස්සලා ජින්ගේ මුහුණ බලලා කිව්වා..

"කන්න මුකුත් නැද්ද ඉතින්"

ජන්කුක් එහෙම කියන කොට ජින් හුරතලේට බොරු තරහා මුහුණක් පෙන්නුවා..ඒ හුරතල් මුහුණ දැකලා අනිත් තුන්දෙනාම හිනා වුනා..

මේ අත‍ර කාර් එක පාර්ක් කරපු mr.jeon නිවස ඇතුලට ආවා..

" ගමන යන්න ඔක්කොම ලෑස්තිද පුතා "

" ඔව් සම්චොන් "

"හ්ම්... මට office එකේ වැඩ වගයක් තියනවා ඒ නිසා මං යනවා මේ දෙන්නාව බලා ගන්න හෙදේ හදිසියක් වුනොත් මට කෝල් එකක් දෙන්න "

𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎] Where stories live. Discover now