𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 𝟮𝟱

812 151 11
                                    








ජන්කුක් කාර් එකෙන් බැහැලා අනෙක් පැත්තෙන් බැහැපු ටේහ්‍යුන් එනකන් පාරට පිටුපාලා ජියොල් අවදානේ දිගෙන හිටියත් ටේහ්‍යුන් ජන්කුක් ලගට එන අතරමග දැක්කේ ජන්කුක් දිහාවට පිහියකුත් දික් කරන් අදුරගන්න බැරි විදියට තනි කලු ඇදගෙන ෆුල් ෆෙස් හෙල්මට් දාන් දෙනෙක් බයික් එකකින් වේගෙන් ජන්කුක්ට ලං වෙනවා...

ජන්කුක් පාරට පිටුපාලා හිටපු නිසා එ එන බයික් කාරයෝ දෙන්නා දැක්කේ නැතත් බයික් කාරයෝ දෙන්නා ජන්කුක්ට ලං වෙනවා දැකපු ටේහ්‍යුන් වේගෙන් දුවන් ගිහින් ජන්කුක්ව අතේ හිටපු ජියොල් එක්කම බදාගෙන තමන් දිහාවට ඇදලා ගත්⁣තා... එත් එක්කම ටේහ්‍යුන් දිහාවට ඇදිලා ආපු දෙන්නාගෙම බර තමන්ගේ ඇගට වැටිච්ච නිසා බැලන්ස් එක නැතුව ටේහ්‍යුන් වැටුනේ ජියොල් ජන්කුක් ටේහ්‍යුන්ගේ ඇග උඩ හිටින විදියට...

ජන්කුක්ගේ බෙල්ලේ පිහිය වදින්න නුලක පරතරයක් තියෙද්දි ටේහ්‍යුන් ජන්කුක්ව ඇදගෙන වැටෙන නිසා පිහිය දික් කරන් ආපු මනුස්සයා හිස් අවකාශයේම පිහිය ඇදන් ගියා... ඉලග තප්පරේ වෙච්ච දේ තේරුම් ගිය මනුස්සයා නතර නොවි වේගෙන් ඇදෙන බයික් එකේ ඉදන් බෙල්ල හරවලා බිම වැතිරිලා ඉන්න තුන්දෙනා දිහා බලන් පිහිය තිබ්බ අතින්ම තමන්ගේ කලවා වලට පාරක් ගහගත්තේ වැඩ අවුල් වෙච්ච කෙන්තියට... මේ හැම දෙයක්ම වෙන්න ගත වුනේ තප්පර පහකට අඩු කාලයක්...

" ආහ් "

බිමට වැටිච්ච ගමන්ම ටේහ්‍යුන්ගේ කටින් පිට වුනා....

ටේහ්‍යුන් ගේ පපුව උඩ පැත්තක ජන්කුක් අනෙක් පැත්තේ ජන්කුක්ගේ අත වලට තුරුල් වෙලා ඉන්න ජියොල්...දෙන්නාම බර නැති වුනත් දෙන්නම එකට ටේහ්‍යුන්ගේ ඇගට වැටිච්ච නිසා බරත් එක්කම වැටෙන කොට පිටත් හොද පාරක් පොලවේ වැදිච්ච නිසා ටේහ්‍යුන්ට ටිකක් විතර රිදුනා...

" හියුන් ඔයා හොදින් ද?? "

ටේහ්‍යුන් ගේ වේදනාත්මක කෙදි⁣රිල්ල ඇහුන ගමන්ම ජන්කුක් ටේ දිහා බලන් කලබලෙන් ඇහුවා...

" ඔව්. නැගිටින්න "

ටේහ්‍යුන් වේදනාව හංගන් කිව්වාම ජන්කුක් ජියොල්වත් කෙලින් කරලා දඩිබිඩි ගාලා ටේහ්‍යුන්ගේ ඇග උඩින් නැගිට්ටා ටේහ්‍යුන් කිව්වාමයි එයාට මතක් වුනේ ඉන්නේ පා⁣රක් අයිනේ ටේහ්‍යුන්ගේ ඇග උඩ කියලා...

𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎] Where stories live. Discover now