Bang*Trigger එක පිටිපස්සටම තල්ලු වෙන්න තප්පරයක් තියලා තද කරලා ඇස් වහගත්තු ජන්කුක්ට තුවක්කුව පත්තු වෙන සද්දේ ඇහෙනවත් එක්කම ලොකු ඉකියක් පිටුවනා..
තප්පර කිහිපයකට කිසි සද්දයක් නැති රුම් එක පුරාවටම පැතිරුනේ තවමත් ඇස්වහන් ඉකි ගහන් අඩන ජන්කුක්ගේ හඩ විතරයි...
" දැදා "
එකපාරට ඇහිච්ච ජියොල්ගේ කටහඬට ජන්කුක් හෙනයක් ගැහුවා වගේ ඔලුව ඉස්සුවා..
ජන්කුක්ට කදුලු අතරේම හිනාවක් ගියේ එයා ඉස්සරා හිටන් ටේහ්‍යුන් නිසා.. ටේහ්‍යුන් තුවක්කුව දික් කරන් ඉන්නවා දැකපු ජන්කුක් එ දිගේ ඇස් ගෙනිච්චාම දැක්කේ ජියොල්ගේ ඔලුවට තුවක්කුව තද කරපු අත පැත්තේ උරහිසෙන් ගලන ලේ එක්ක වේදාවෙන් බිම වැතිරිලා ඉන්න චොයි දිහා..
" මිස් මි බේබි? "
ටේහ්‍යුන් හිනාවෙන ගමන් ඇහුවාම ජන්කුක් අඩන ගමන් හිනා වෙලා ඔලුව වැනුවා..
" මගේ ලිටල් චෑම්ප් බය වුනාද?? "
" චුච්චක් "
" මොනවද බල්ලෝ ටික බලන් ඉන්න අල්ල ගනින් මුව "
උරහිසෙන් දැනිච්ච වේදනාවට ඇබරෙන ගමන් හිටපු චොයි එකපාරට වෙච්ච දේට ෂොක් වෙලා ගල් ගිලලා වගේ ඉන්න එයාගේ ගෝලයෝ ටිකට කැගැව්වාම සිහියට ආපු උන් ටේහ්‍යුන් පැත්තට දුවන් එන්න ගත්තා..
හදිසියකට ඇරෙන්න තුවක්කුව පාවිච්චි කරන්න බැරි නිසා ටේහ්‍යුන් ෆයිට් කරන්න ගත්තා..
එකා දෙන්නා ගහලා බිමට වට්ටපු ටේහ්‍යුන් තව එයාට ගහන්න ආපු කෙනෙක්ට ගහන ගමන් හිටපු නිසා පිටිපස්සෙන් පොල්ලක් උස්සන් එන කෙනාව දැක්කේ නැහැ..
" හියුන්!! "
එක දැකපු ජන්කුක් ටේහ්‍යුන්ට කැගහනවත් එක්කම ටේහ්‍යුන් හැරෙනවාත් එක්කම දැක්කේ එ මිනිහාට වැදිච්ච පයින් පාරකට ටේහ්‍යුන්ගේ ඇස් ඉස්සරාම විසික් වෙනවා..
ටේහ්‍යුන් එ පයින් පහර දිපු කෙනා දිහා බැලුවා..
එ ඇවිත් හිටියේ යුන්ගි... එයාට කලින් හොබි කතාකරද්දි දිපු පනිවිඩේ තමා යුන්ගිලා ආවා කියන එක ඉතිම් ටේහ්‍යුන් එ අයට ඇතුලට එන්න කිව්වා..
YOU ARE READING
𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎]
Fanfiction" ඔයා අද ඉදන් මගේ ආරක්ෂාවට මං ලගම ඉදියි... එත් මට එ දේ විතරක් මදි හියුන්... මට ඔයාගේ ආදරෙත් ඔනේ.. ආදරෙන් මං ලග හැමදාටම ඉන්න ඔනේ... පුලුවන් ද??" ꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀ ꕺ තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයාගෙන් ආරක්ෂාවත් සමගම ආදරය බලාපොරොත්තු වුනොත්?? ꕁꕁꕁꕁꕁꕁ...