𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 𝟮𝟴

844 146 15
                                    




ටේහ්‍යුන් එයාගේ වැඩේ ඉවර කරලා ජන්කුක්ව පික් කරන්න ඇවිත් කාර් එක පාර්ක් කරලා ජන්කුක් එනකන් බලන් හිටියා...

හරියටම එයා ඇවිත් විනාඩියකින් විතර ලමයි වගයක් ගෙවල් වලට යන්න ගත්තත් එ අතරින් ජිමින්ව වගේ ජන්කුක්වත් හොයා ගන්න බැරි වුනා.. ඉතින් ලමයි හැමෝමත් එතනින් ගියාට පස්සේ ටේහ්‍යුන් අතේ බැදපු ඔරලෝසුව දිහා බලන් වටපිට බලන්න ගත්තේ ජන්කුක් පෙන්න ඉන්නවද කියලා..

තවත් විනාඩි ගානක් ගෙවුනා ජන්කුක් වෙනුවෙන් බලන් හිටපු ටේහ්‍යුන් ටික ටික කලබල වෙන්න ගද්දි ජන්කුක්ව හොයාගෙන යන්න කිහිප පාරක් හිතුනත් ජන්කුක් කෙන්ති ගනියි කියලා එයා තව ටිකක් ඉවසුවා..

ඔහොම ඉන්න අත⁣රේ ඇතින් ලාවට වගේ කවුරු හරි කැහැගහන හඩක් ඇහුනත් එක ටේහ්‍යුන් වැඩිය ගානකට ගත්තේ නැහැ..

ඔව් එ ජන්කුක්ගෙ සද්දේ ටේහ්‍යුන් ටිකක් දුරකින් හිටියත් එයාට ඇහුනා මොකද එ වෙලාවේ කොලෙජ් එකේ වැඩිය අය හිටපු නැති නිසාත් එ නිසා තිබ්බ නිශ්ෂබ්දතාවය නිසා ටේහ්‍යුන්ට ලාවට එ හඩ ඇහුනා හඩ ආපු පැත්තට යන්න හිතුනත් පස්සේ එයා එ ගැන වැඩිය හිතන්න ගියේ නැහැ..

එයා එතනට ඇවිත් පැයකටත් කිට්ටු වෙන්න යනවා.. බොනට් එකට අතක් තියන් හිටගෙන හිටපු ටේහ්‍යුන් කකුලකින් පොලවට එකදිගට තට්ටු කලේ නොසන්සුන්කමින්..

අන්තිමට ජන්කුක්ගෙන් බැනුම් ඇහුවත් කමක් නැහැ කියලා ටේහ්‍යුන් ජන්කුක්ව හොයන් යන්න හිතුවා.. කොලේජ් එක ඇතුලේ නම් ගහපු බෝඩ් වලින් ඩාන්සින් රුම් එක හොයන් ගියපු ටේ දොර ඉස්සරා හිටන් අරිනවද නැද්ද කියලා කල්පනා කරා..

අන්තිමට ඩොර් එකට අත තියලා ටේහ්‍යුන් ඩොර් එක ඇරියා..

ඩොර් නොබ් එක ඇගිලිවලට හිර වෙද්දි රතු වේගෙන එන ඇස් එ පැත්තටම හැරවිලා තිබ්බා...

ටේහ්‍යුන්ට එතන වෙන දේ අමුතුවෙන් තෙරුම් ගන්න ඔනේ වුනේ දහඩිය පෙරාගෙන අපහසුවෙන් කදුලු පෙරාගෙන සොජුන් යට ඉදන් අඩන ජන්කුක් එක්ක ෂර්ට් එකේ බොත්තම් ගලවගෙන ජන්කුක්ගේ අත් තදකරලා අල්ලන් අනිත් අතකින් ඇදුම ගලවන්න හදන ජන්කුක්ව යට කරන් ඉන්න සොජුන් දිහා බැලුවාම ටේහ්‍යුන්ට එතන වෙන දේ හොදටම තේරුනා...

𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎] Where stories live. Discover now