" ආහම් සොරි "එකපාරටම ඇහිච්ච කටහඩ නිසා තුරුල් වෙලා හිටපු දෙන්නා වෙඩිල්ලක් වගේ ඇත් වුනා.. ටේහ්‍යුන් ලැජ්ජාවට අල්මාරිය පැත්තට හැරිලා ඇගිල්ලකින් අල්මාරිය චේක් කරන්න ගද්දි ජන්කුක් එ ආපු කෙනා දිහා බලලා කම්මුල් රතු කරන් බිම බලාගත්තා..
එ ටේහ්‍යුන්ගේ හියුන් වෙන්න ඇති කියලා ජන්කුක්ට හිතුනා..
ඔව් එ හියුන්ජින්.. ටේහ්‍යුන්ගේ හියුන්.." ටේහ්‍යුන්.. ඔවා හොද ලි වලින් තමා හදලා තියෙන්නේ "
තුන්දෙනා අතර කැරකෙන අපහසුව නැති කරන්න අන්තිමට හියුන්ජින් ටේහ්‍යුන්ට විහිලුවෙන් කතා කරා..
" ආහ් එක තමා මාත් බැලුවේ හොද හොද හයියයි නේ.. " ටේහ්‍යුන් අල්මාරියට අතින් තට්ටුවක් දාන ගමන් කියලා හියුන්ජින් දිහාවට හැරුනා..
"එක නෙමේ හියුන් දැන්ද ආවේ මන් දැක්කේ නැහැ නේ "" ඔව් ඔව් දකින්න විදියක් නැහැ තමා.. යකෝ අර අච්චර කාමර නිකන් තියෙන්නේ එ එකට යන්න එපැයි මගේ පොඩි එකා ඉන්න එකේම තුරුල් වෙලා ඉන්නේ "
හියුන්ජින් ජන්කුක් දිහාත් බලන ගමන් හිනාවෙවි විහිලුවට කිව්වා.. ජන්කුක්ව දැන් පුපුරන්න ඔන්න මෙන්න..
ටේහ්‍යුන් ඔලුවත් කස කස හෙමිට ඇවිත් ජන්කුක්ගේ උරහිස වටේ අතක් යවලා එයාට ලන් කරගත්තා..
" ඔයා හිතන විදියේ මුකුත් වුනේ නැහැ හියුන්..
ආහ් හියුන් මේ ඉන්නේ ජන්කුක් ජියොන් ජන්කුක්.. මන් ලගින්ම ඉදන් ආරක්ෂා කරන කෙනා වගේම මගේ ආදරේ "ටේහ්‍යුන් ආඩම්බර හිනාවක් මුහුනේ තියන් ජන්කුක් දිහා බලන ගමන් කිව්වාම හියුන්ජින් වගේම ජන්කුක් මුහුනට මුහුන බලන් හිනාවුනා.. හියුන්ජින් දැක්කා ජන්කුක්ගේ පිමිබිච්ච කම්මුල් රෝස පාට වෙලා...
පස්සේ ජන්කුක් ආචාරශිලි විදියට ඔලුව ටිකක පාත් කරලා හියුන්ජින්ට ආචාර කරාම හියුන්ජිනුත් හිනාවෙලා ඔලුව ටිකක් නැව්වා..
" ජන්කුක් නේ.. මේකාගේ ගල් හිත දිය කරලා දාපු කොල්ලා.. ආ එතකොට අර ජියොල් හැම වෙලේම කියවන්නෙත් මෙයා ගැන නේද? "
YOU ARE READING
𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎]
Fanfiction" ඔයා අද ඉදන් මගේ ආරක්ෂාවට මං ලගම ඉදියි... එත් මට එ දේ විතරක් මදි හියුන්... මට ඔයාගේ ආදරෙත් ඔනේ.. ආදරෙන් මං ලග හැමදාටම ඉන්න ඔනේ... පුලුවන් ද??" ꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀ ꕺ තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයාගෙන් ආරක්ෂාවත් සමගම ආදරය බලාපොරොත්තු වුනොත්?? ꕁꕁꕁꕁꕁꕁ...