𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 𝟭𝟯

908 160 10
                                    






අද එගොල්ලො අයේ සෝල් වලට යන දවස...

එදා සිද්දියෙන් ජන්කුක් ගොඩ වේලාවක් ජිමින්ගේ උරහිසේ ඔලුව තියන් ඇඩුවා.. ජිමින් කොච්චර සන්සුන් කරන්න හැදුවත් එයාට බැරි වුනා....

මොකද ජන්කුක් කියන්නේ ගොඩක් සන්වේදි කෙනෙක්...
ඔව් එයා අහිංසක නැහැ, දගයි , මුරන්ඩුයි හැබැයි ටිකක් විතර මෝඩයි, ගොඩක් සන්වේදි. කෙනෙක් ඇවිත් එයා එක්ක හොදින් කතා කරොත් එ කෙනා හොද කෙනෙක් කියලා විශ්වාස කරන්න තරම් මෝඩයි...
ඉතින් එයා ආදරය කරපු ටේහ්‍යුන් එයාව රැවැට්ටුවා කියන එක දරා ගන්න බැරි වුනා..

ටේහ්‍යුන් රැවැට්ටුවා නෙමේ එයාමයි රැවටුනේ මොකද එයා හිතුවා ටේහ්‍යුන් හිතෙත් එයා ගැන පොඩි හරි හැගිමක් ඇති කියලා...

ජන්කුක් කියන්නේ ගොඩක්ම අනිත් අයගෙන් ආදරය,අවදානේ බලාපොරොත්තු වෙන කෙනෙක් එයා ආසයි එයා වටේ ඉන්න අය එයාට ආදරෙ කරනවාට... ඉතින් ටේහ්‍යුන්ගෙනුත් ⁣ එ දේ බලාපොරොත්තු වුනාට ජන්කුක්ට වැරදියි කියන්න බැහැ...

ජිමින්ගේ උරහිස ඔලුව තියන් අඩපු ජන්කුක්ව ජිමින් බලෙන් පහලට කෑම කන්න එකන් ගියා.. එ හැර එ මුලු දවසමත් ඉලග දවස පුරාවටත් ජන්කුක් හිටියේ කාමරයට වෙලා අඩන ගමන්. අනිත් අය ජන්කුක් එහෙම ඉන්න හේතුව අහන හැමසැරෙම වගේ කිව්වේ එයාට අසනිපයි කියලා....

එ දවස් දෙක පුරාවටම ජන්කුක් ටේහ්‍යුන්ව මගහැරියා එයාට ටේහ්‍යුන්ගේ මුහුණ බලන්න බැහැ එහෙම වුනොත් අනිවාර්යයෙන් එයාට එයාගේ හැගිම් පාලනය කර ගන්න බැරි වෙනවා...

ටේහ්‍යුන්ටත් ජන්කුක්ගේ මුහුණනෙන්, හැසිරිමෙන් පොඩි වෙනසක් දැනුනාත් එයා ප්‍රශ්න කරන්න ගියේ නැහැ මොකද එ දේ නෙමේද එයාටත් ඔනේ වුනේ ජන්කුක්ගෙන් ඇත් වෙලා ඉන්න..


" කො දෙන්න ජන්කුක් මං අරන් එන්නම් "

Luggage එක අරන් මෙහෙට එන දවසේ වගේම luggage එක අමාරුවෙන් උස්සන් යන ජන්කුක්ගෙන් ටේහ්‍යුන් ඇව්වා...

" නැ..නැහැ හියුන් ක..කමක් නැහැ ඔයා කරදර වෙන්න එපා"

බිම බලන් ඇස්වලට පිරිනු කදුලු පාලනය කරන් bag holder එක තදින් අල්ලන් ජන්කුක් කිව්වා....

𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎] Where stories live. Discover now