යුන්ගි ගේ කාමරයට යන්න කලින් ජෙනි ඉක්මනින් ගිහින් ටේ ගේ අතකින් අල්ල ගත්තා...තමන්ගේ අතට ස්පර්ශයක් දැනෙනවත් එක්කම ටේ කිසිම ගැස්සිමක්වත් බයක්වත් නැතුව කවුද බලන්න හැරුනා...
" ජෙනි මොකද මෙතන කරන්නේ?? "
" අනේ ඔප්පා ඔයා කෙහේද මේ යන්නේ??"
" මං යුන්ගිව හම්බවෙන්න යනවා ඔයා නිදා ගන්නේ නැතුව මොකද කරන්නේ?? "
" අනේ ඔප්පා මං හොද වෙලාවට ඔයාව දැක්කේ මං අද ඩිනර් ගත්තේ නැති නිසා බඩගින්නක් හැදුනා තනියම පහලට යන්න බය නිසා මං ජින් ඔප්පාව අඩගහන්න ගියේ "
ජෙනි ටේහ්‍යුන් ගේ අතක් අල්ලගෙන පද්ද පද්ද හුරතල් මුහුණකින් කියවගෙන ගියා...ඇත්ත එයා ඩිනර් ගත්තේ නැහැ එත් මේ වෙලාවේ නම් එයාට බඩගින්නක් තිබුනේ නැහැ...
" ම්ම් හරි ජින් හියුන්ට අඩගහන්න ගිහින් "
කිසිම හැගිමක් නැති මුහුනකින් ජෙනි දිහා බලන් හිටපු ටේහ්‍යුන් ආයේ එයාගේ අත මුදවගෙන ගානක් නැතුව කියලා යන්න හැරුනා.....
" අනේ ඔප්පා දැන් එයාව නැගිට්ටවන්න ඔනේ නැහැ ඔයා ඉන්නවා නේ ඔයා එන්න කෝ මාත් එක්ක "
ජෙනි තොලුත් උල්කරන් ටේ ඉස්සරා හුරතල් මුහුණක් හදන් කිව්වා...
" ජෙනි මට වැදගත් වැඩක් තියනවා ඔයා ගිහි~~~ "
" අනේ ඔප්පා මොකක්ද අනේ මං කෑම ටික කනකන් මං ලග තනියට ඉන්න විතරනේ තියෙන්නේ අනේ අනේ "
ජෙනි ටේහ්‍යුන්ගේ අතකින් අදින ගමන් නහයෙන් අඩන්න ගත්තා...
දැන් බෙරෙන්න බැහැ කියලා කියලා දැනගත්ත ටේ ජෙනි ජින්ව නැගිට්ටුවොත් එයාටත් කරදරයක් නිසා හොද හුස්මක් අරන් පහල දාලා ජෙනි එක්ක යන්න තිරනය කරා....
" හරි යන්. ඉක්මනින් වැඩේ කරගන්න ඔනේ විනාඩි පහයි දෙන්නේ "
YOU ARE READING
𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎]
Fanfiction" ඔයා අද ඉදන් මගේ ආරක්ෂාවට මං ලගම ඉදියි... එත් මට එ දේ විතරක් මදි හියුන්... මට ඔයාගේ ආදරෙත් ඔනේ.. ආදරෙන් මං ලග හැමදාටම ඉන්න ඔනේ... පුලුවන් ද??" ꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀ ꕺ තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයාගෙන් ආරක්ෂාවත් සමගම ආදරය බලාපොරොත්තු වුනොත්?? ꕁꕁꕁꕁꕁꕁ...