𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 𝟭𝟰

833 153 1
                                    



" පුතේ එන්න පහලට ඩිනර් එක ගන්න "

" හා ඔම්මා ඉන්න "

College වැඩ කර කර හිටපු ජන්කුක් රියා එහෙමත් නැත්නම් ජන්කුක් ගේ ඔම්මා ගේ කටහඩට පහලට ගියා...

" අප්පා....... ඔයා මොකද අද කලින් ඇවිත් "

කම්මැලිකමේ පඩිපෙල බැහැන් ආපු ජන්කුක් ඩයිනින් ටෙබල් එකේ ඉන්න ජියොන් දැක්කම දුවගෙන් ගිහින් ඉදගෙන ඉන්න ජියොන් පිටිපස්සෙන් ⁣බෙල්ල බදාගෙන කම්මුල්ලට කිස් එකක් දුන්නා...

" ආ මගේ කොල්ලා "

" හිහිහි "

ජියොනුත් ජන්කුක්ගේ කොන්ඩේ ඇවිස්සුවාම ජන්කුක් බනි ස්මයිිල් එක දැම්මා...

" කො එන්න ඇවිත් වාඩි වෙන්න හුරතල් වුනා ඇති "

රියා කිව්වාම ජන්කුක් තොලුත් පෙරලන් ජියොන්ට ඉස්සරායින් වාඩි වුනා...

රියාත් එ දෙන්නාට කැම බෙදලා දිලා ජියොන් ගේ එහා පැත්තෙන් වාඩි වෙලා කන්න ගත්තා...

"ඔයා හොදින් ද කුකි"

" හ්..හා ඔම්මා මං හොදින් ඇයි එහෙම හැව්වේ "

එකපාරටම කැම කාගෙන හිටපු රියා තමන් ඉස්සරා සද්දයක්වත් නැතුව කැම ගන්න ජන්කුක් දිහා බලන් හැව්වේ එ දෙන්නාටම ජන්කුක් ගේ වෙනස තේරිලා තිබුන නිසා..

වෙනදාට මුලු කැම මේසෙම ජන්කුක්ගේ කටහඩින් පිරිලා තියන කොට මේ දවස් ටිකේම ජන්කුක්ගේ සද්දයක් වත් නැහැ...

" නැහැ කුකි ඔයා ඉස්සර වගේ අපි එක්ක හරියට කතා කරන්නැ ,හරියට කැම ගන්නැ, හැම වෙලාවේ මොකක් හරි කල්පනා කරනවා , ඔය මුහුන දුකින් මැලවිලා ඔයා හිතන්නේ අපිට ඔයාගේ වෙනස තේරැන්නැ කියලාද නැහැ අප්පාටයි මටයි ඔයාව හොදට තේරෙනවා. ඔයා දන්නවා අපි ඔයාට ගොඩක් ආදරෙයි කියලා "

" අයියෝ ඔම්මා ඔයා බය වෙන්න එපා මං හොදින් "

ජන්කුක් මවා ගත්ත හිනාවක් එක්ක කිව්වා..

" ඔයා මොකක් හරි නිසා දුකින්ද පැටියෝ "

" නැහැ ඔම්මා මං ඇත්ත කියන්නේ මං හොදින් "

ජන්කුක් තමන්ගේ ඔම්මා අප්පාගේ හිත රිද්දන්න අකමැත්තෙන් බොරු කිව්වා...

𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎] Where stories live. Discover now