after two year...ටේහ්‍යුන් කාර් එක පාර්ක් කරලා ඇවිත් දොර ඇරියා.. රෑ දහයත් පහුවෙලා තියෙද්දි වැඩ කන්දරාවක හිර වෙලා හිටපු ටේහ්‍යුන් දැනුයි ගෙදර ආවේ..
ටේහ්‍යුන් ගේ ඇතුලට ඇවිත් සාලේට අඩිය තියනකොටම දැකපු දර්ශනය නිසා එයාගේ මුහුනේ ආදරනිය හිනාවක් ඇදුනා..
හැමදාම පරක්කු වෙලා ගෙදර එන ටේහ්‍යුන්ට දකින්න ලැබුනේ ජන්කුක්වයි ජන්කුක්ගෙ පපුවට තුරුල් වෙලා සැප පහසුව නිදාගෙන ඉන්න ජියොල්වයි.. එහෙම්ම එ ඉස්සරා තිබුන ටිවි එකට ඇස් අරන් ගියපු ටේහ්‍යුන් එකේ ප්ලේ වෙන කාටුන් එක දිහා බලලා දෙපැත්තට ඔලුව වනන ගමන් හිනා වෙලා ටිපෝ එක උඩ තිබ්බ රිමෝට් එක අරන් ටිවි එක නිවලා දැම්මා...එයාලා මීට මාස හයකට කලින් මැරි කරා වගේම ජියොල්ව නීත්‍යානුකූලව එයාලාගේම කරගත්තා..
ටේහ්‍යුන් එයාගේ වැඩ ඉවර කරලා වෙලාසනින් ගෙදර එනවා වුනත් සමහර දවස්වලට පරක්කු වෙනවා එහෙම පරක්කු වෙන හැමවෙලාවකම ටේහ්‍යුන්ට දකින්න ලැබෙන්නේ එයා එනකන් බලන්න ඉන්න එයාගේ හා පැටව් දෙන්නවා අහම් තුන්දෙනෙක් ජියොල් අතේ ඉන්න එයාගේ බනි plushie එක්ක..
දෙන්නම හොද නින්දේ කියලා තෙරුම් ගත්ත ටේහ්‍යුන් ජියොල්ව ජන්කුක්ගේ අතින් ගන්න හැදුවා..එත් ජන්කුක් නින්දෙන්ම වගේ එයාගේ අත් ජියොල් වටේ තද කරා..
එ දේට හිනියට හිනා වුන ටේහ්‍යුන් ජන්කුක්ගේ අත් බුරුල් කරන ගමන් දෙන්නාගෙම නින්ද කැඩෙන් නැති විදියට ජියොල්ව ජන්කුක් අතින් අරන් ජියොල්ගෙ රුම් එකට ඇවිදන් ගියා...
ජියොල් එයාගේ බෙඩ් එකෙන් පරිස්සමෙන් තියපු ටේහ්‍යුන් එයාගේ නලල කිස් කරේ හෙමිට 'ආදරෙයි, ගුඩ් නයිට් චැම්ප්' කියලා මුමුන ගමන්.. පොඩි බබාව නිදි කරලා ටේහ්‍යුන් ආයේ සෝෆා එක ලගට ආවේ ලොකු බබාව බලන්න..
YOU ARE READING
𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎]
Fanfiction" ඔයා අද ඉදන් මගේ ආරක්ෂාවට මං ලගම ඉදියි... එත් මට එ දේ විතරක් මදි හියුන්... මට ඔයාගේ ආදරෙත් ඔනේ.. ආදරෙන් මං ලග හැමදාටම ඉන්න ඔනේ... පුලුවන් ද??" ꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀ ꕺ තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයාගෙන් ආරක්ෂාවත් සමගම ආදරය බලාපොරොත්තු වුනොත්?? ꕁꕁꕁꕁꕁꕁ...