𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 𝟯𝟲

675 109 17
                                    

( අලුත් එකක් නෙමේ කලින් අප්ඩේට් එකමයි සමහර අයට නොටිෆිකෙෂන් ගිහින් නැහැ එකයි ආයේ දැම්මේ )

----------------------------------

හැමදේම වෙන්න ගතවුනේ තප්පරයයි...

" හියුන්න්න්න්!!!! "

ටේහ්‍යුන්ගේ හඩ එ පාර පුරාවටම පැතිරුනා...

වේගෙන් ආපු ලොරියේ වැදිච්ච හියුන්ජින් විසික් වෙලා ගිහින් පාර මැද වැටෙන සද්දේට එ පැත්තට හැරිච්ච ටේහ්‍යුන්ගේ කටින් පිට වුනේ එ වචනේ විතරයි..

එ පාරේම පැත්තක වැටිලා හිටපු ජන්කුක් දිහායි ජියොල් දිහායි බලපු ටේහ්‍යුන් හියුන්ජින් ලගට දුවන්න ගත්තේ එ දෙන්නා ලගට මිනිස්සු ලන් වෙන නිසා වගේම එ දෙන්නාට කරදරයක් නැහැ කියලා ඇස් දෙකෙන්ම දැකපු නිසා...

පුලුවන් තරම් වේගෙන් හියුන්ජින් දිහාවට දුවපු ටේහ්‍යුන්ට දකින්න ලැබුනේ පොලව පුරා රතු පාටින් විසිරිලා තිබ්බ හියුන්ජින්ගේ ලේ උඩම සිහියත් අසිහියත් අතර වැතිරිලා ඉන්න හියුන්ජින්ව..

" හි..හියුන් "

එතන දනගහගෙන ටේහ්‍යුන් හියුන්ජින්ගේ ඔලුව එයාගේ ඔඩක්කුව උඩට ගත්තා...

එයා ලගට කවුරු හරි ආපු නිසා අමාරුවෙන් ඇස් ඇරපු හියුන්ජින් ටේහ්‍යුන්ව දැකපු ගමන් වේදනාවෙන් වුනත් වචන එකතු කරගෙන කතා කරා...

" ජි..යොල් ජ..ජන් අහ් කුක් "

අතක් ජියොල්, ජන්කුක් ඉන්න පැත්තට දික් කරන් හියුන්ජින් අහද්දි එ දේ තේරුම් ගත්ත ටේහ්‍යුන් උත්තර දුන්නා..

" එ දෙන්නා හොදින් හියුන්. ඔයාටයි තුවාල වෙලා තියන්නෙ අපි ඉක්මනටම හොස්පිටල් යන් ඔයාට මුකුත් වෙන්නැ "

ටේහ්‍යුන් කිව්වත් හියුන්ජින් කරේ වේදනාවෙන් හිනා වෙච්ච එක...

" න්නැ ටේ..ටේ ම්ම් ටේහ්‍යුන් ජියොල් ජි..යොල්ව බලා ගන්න ප්..ලිස් එ එ දෙන්..නව ආහ් පරි.. පරිස්සම් කර~"

" හියුන් ප්ලිස් කතා කරන්න එපා මහන්සි වෙන්න එපා "

ටේහ්‍යුන් නොසන්සුන්ව කිව්වාම ලේ පිරිච්ච අතකින් ටේහ්‍යුන්ගේ කම්මුලක් අල්ලපු හියුන්ජින් වේදනාබර හිනාවකින් ටේහ්‍යුන් දිහා බලලා එහෙම්ම ඔලුව හැරෙව්වේ එයාලට ටිකක් ඇතින් බයෙන් ජන්කුක්ගේ තුරුලට වෙලා ඉන්න එයාගේ චුටි හා පැටියා දිහාවට..

𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎] Where stories live. Discover now