වේලාව උදේ හයට ඇති.. 🌤උදේම නැගිට්ට ටේහ්‍යුන්ගෙ මුහුණට හිරු එලිය වැටෙන කොට හෙමින් ඇස් ඇරලා නිදිමතෙ වට පිට බැලුවෙ තමන් ඉන්න තැන ටිකක් ඔලුවට process කරගන්න.
ටිකකින් එකපාරට ජන්කුක් මතක් වෙච්ච නිසා ජන්කුක් නිදන් හිටපු පැත්ත බැලුවා...එත් එතන ජන්කුක් හිටියේ නැහැ..
කලබල වෙච්ච ටේහ්‍යුන් නැගිටින්න හදද්දි නම් දැක්කේ මේ ලොකේ එයාට දකින්න ලැබෙන ලස්සනම දසුන වෙන්න ඔනේ...
සුදු පාට දුහුල් ෂර්ට් එකටම ඇදලා තිබ්බ සුදු short pant එක, හිරු එලිය වැටිලා ෂර්ට් එක අතරින් පෙන ඇග, සිහින් ඉන, හිරු එලිය නිසා දිලිසෙන එ චබි මුහුණ, හුලගට නලල මත එහා මෙහා යන සිල්ක් කොන්ඩේ, කනට විදලා තිබ්බ චුටි රින්ග් එක වගේ ඉයරින්ග් එක,
එන සිතල හුලගට තමන්ව ආවරනය කරගන්න අත් දෙක පපුවට කරලා බැදන් ,
ඇතින් පෙන කදු දිහායි, පියාබගෙන යන කුරුලු රන්චු සහ සුදු පාට වලාකුලු වලින් පිරිච්ච අහස දිහා මෘදු හිනාවකින් බලන් හිටියේ ජන්කුක්...ටේහ්‍යුන් මේ දිහා කොච්චර වෙලා බලන් හිටියාද කියන්න එයාවත් දන්නැ.. ජන්කුක්ගෙ හිනාව බලන් එයාත් මෘදු විදියට හිනා වුනේ එයා නොදැනුවත්වමයි..
මේ දසුන ටේහ්‍යුන්ගෙ ප්‍රශ්න අමතක කෙරෙව්වා වගේම එයාගේ හිතට අමුතු දෙයක් කියන්න හදනවා, එක අමුතු හැගිමක්..." ඔ හියුන් ඔයා නැගිට්ටාද?"
" ආ ඔ..ඔව් ජන්කුක් "
පිටිපස්ස ඇරුන ජන්කුක් ටේහ්‍යුන් දිහා බලන් අහන කොට මෙච්චර වෙලා ජන්කුක් දිහා බලන් හිටපු නිසා ටේහ්‍යුන් ටිකක් ලැජ්ජාවෙන් කතා කරා..
මං හිතන්නෙ දෙන්නාටම ඊයේ වෙච්ච දේවල් අමතක වෙලා වගේ. ඔව් අන්තිමට ටේහ්‍යුන් කැහැගහපු එකනම් ජන්කුක් දැනටම අමතක කරලා ටේහ්‍යුන් එක්ක වෙනදා විදියට හිටියාත් එයා කැගැහපු එකට නම් එයා තවමත් දුකින්. එතකොට ටේහ්‍යුන් ?
" ජන්කුක් මුහුණ එහෙම හොදගෙන ලැස්ති වෙන්න අපි ඉක්මනට guest house එකට යන්න ඔනේ හියුන්ලා බලන් ඇති "
" හරි හියුන් "
දෙන්නාම තමන්ගේ බැග් එහෙම ලැස්ති කරගෙන කන්ද බහින්න ගත්තා..
එත් කන්ද බහින අතරෙ ජන්කුක් කොච්චර කතා කරත් ටේහ්‍යුන් වෙනදා කත කරන වචන පහ දහය වත් කතා කරෙ නැහැ අවශ්‍ය දෙයකට ' හ්ම්ම්, ඔව් , නැහැ ' කියන දෙවල් කිව්වා හැරෙන්න ඉට වඩා කතා කරෙ නැහැ එයා වෙනදාට cold චරිතේ හිටියත් අද එයා මොකක් හරි කල්පනා කරනවා වගේ සමහර විට එයා කරපු දෙයක් ගැන පසුතැවිමක්.
.
.
.
.
.
.
.
YOU ARE READING
𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎]
Fanfiction" ඔයා අද ඉදන් මගේ ආරක්ෂාවට මං ලගම ඉදියි... එත් මට එ දේ විතරක් මදි හියුන්... මට ඔයාගේ ආදරෙත් ඔනේ.. ආදරෙන් මං ලග හැමදාටම ඉන්න ඔනේ... පුලුවන් ද??" ꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀ ꕺ තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයාගෙන් ආරක්ෂාවත් සමගම ආදරය බලාපොරොත්තු වුනොත්?? ꕁꕁꕁꕁꕁꕁ...