𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 𝟭𝟱

922 166 15
                                    




( double update )



Mr.jeon එනකන් සෝෆා එකෙ නිදාගෙන හිටපු රියා නැගිට්ටේ මැන්ෂන් එකේ ඩොර් බෙල් එක වැදෙන නිසා..

නැගිට්ට රියා වේලාව බැලුවම පුදුම වුනේ ජියොන් ගෙදරින් ගිහින් පැය හතරක්වත් නැති නිසා...

පුදුමෙන් ගිහින් ඩොර් එක ඇරපු රියාගේ ඇස් කලබල වුනේ ජියොන් හිටපු විද්හ නිසා...

" අනේ ජි⁣යොන් මොකද වුනේ ඇයි මේ ?"

" ශ්ශ් කලබල කරන්න එපා රියා "

ජියොන් ගේ නලලෙයි අතෙයි දාන් හිටපු බැන්ඩෙජ් රිදෙන් නැති විදියට අල්ලන ගමන් අඩන රියාව ජියොන් අනෙක් අතෙන් අල්ලන් ඇතුලට එක්කන් ගියේ ජියොන් එක්ක ආපු නම්ජුන්ත් ඇතුලට එද්දි...

" නම්ජුන් පුතා මේ මොකද වෙලා තියන්නේ? කියන්⁣න කො "

" රියා සන්සුන් වෙන්න මං කියන්නම් "

ජියොන් සෝෆා එකේ ඉදගෙන තවමත් අඩන රියාව තුරල් කරන් පිට අතගැවේ ටිකක් සන්සුන් වෙන්න කියන ගමන්...

" අප්පා "

ඔය අතරේ මෙච්චර වෙලා නින්දක් අහලකවත් නොවිච්ච නිසා ජන්කුක් ඇතිවෙච්ච පොඩි බඩගින්නට පඩිපෙළ බැහැගෙන ආවා..

ජියොන් දිහා බලපු ජන්කුක් බය⁣වෙලා දුවන් ගිහින් ලගින් ඉදගත්තා..

" අප්පා ඇයි මේ කො⁣හොමද තුවාල වුනේ ?"

ජන්කුක්ගේ ඇස් වලින් කදුලු වැටෙන කොට ජියොන් හිනා වෙලා ජන්කුක්ව තුරුල් කර ගත්තා..

" අපෝ ඔම්මා වගේමයි "

" ජියොන් මොකක්ද වුනේ ?"

" ලොකු දෙයක් නෙමේ පාර්ටි එකට යන කොට අද එ පාර කලුවරයි එක්කම ටිකක් පාලුවට ගිහින් තිබුනා එත් එකපාරටම මගේ ඉස්සරහින් එන ගමන් තිබුන ලොරියක ලයිට් පත්තුවෙච්ච නිසා කලබලෙට control නැතුව මං කාර් එක පාර අයිනට කැපුවා එතන තිබ්බ කනුවක කාර් එක වැදිලා තුවාල වුනේ පස්සේ ඉතින් නම්ජුන්ට කෝල් කරලා පාර්ටි එකට යන්නේ නැතුව මම ආවා "

" අනේ අප්පා පරිස්සම් වෙන්න තිබ්බා නේ. ඔයාට රිදෙනවාද?"

" අයියෝ කුකි අප්පා මේ හොදින් කො ඔහොම පොඩි එකෙක් වගේ අඩන්න බැහැ "

𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎] Where stories live. Discover now