𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 𝟯𝟬

38 5 0
                                    



දවස් ගෙවිලා ගියේ හරි ඉක්මනට.. ඔය අතරේ ජන්කුක් ජියොල් එක්ක ගොඩාක් එකතු වුනා.. හුගක් වෙලාවට ජියොල් ටේහ්‍යුන් එක්ක ජන්කුක්ව පික් කරන්න කොලෙජ් එකට ආවා.. එයාලා පාර්ක් ගියා සෙල්ලම් කරා, ඇවිද්දා ඔය වගේ ගොඩාක් දේවල් කරා..

එ දේවල් එහෙම වෙද්දි අනිත් පැත්තෙන් ටේහ්‍යුන් එයාගේ උපරිමයෙන්ම ජන්කුක්ගේ ආදරේ දිනාගන්න ට්‍රයි කරා.. ෆ්ලවර්ස්, ගිෆ්ට් තව එතකොට කෑම බිම වගේ දෙවල්, ආදර වදන් වලින් ජන්කුක්ට එයාගේ ආදරේ පෙන්නන හැදුවා.. ජන්කුක් කැමැති ⁣ගොඩාක් දෙවල් හොයලා බලලා කරා වගේම තවම කරනවා මොකද ජන්කුක්ගෙන් සමහර දේවල් වලට හොද ප්‍රතිචාරයක් ලැබුනත් සමහර දේවල්වලට එහෙම වුනේ නැහැ.. ටේහ්‍යුන්ගේ ගිෆ්ට් එහෙම ජන්කුක් බාරගන්න බැහැ කියද්දි ටේහ්‍යුන් බලෙන්ම එවා ජන්කුක්ට දුන්නා.

වේලාවකට ජන්කුක්ගෙන් බැනුම් අහන් තවත් වේලාකට නොක්කාඩු කතා, පොඩි පොඩි මගහැරිම් එක්ක ටේහ්‍යුන් තාම එයාගේ ආදරේ වෙනුවෙන් උත්සාහ කරනවා...

ඉතිම් අද නිවාඩු දවසක් වෙද්දි වෙනදා විදියටම උදෙන්ම නැගිටලා ජන්කුක් වොශ් එහෙම දාලා උදේ කෑමත් අරන් එයාගේ කාමරේට ආවේ කාලේ ගෙවන්න හිතන්..

පොන් එක අතට ගත්තු ජන්කුක් ඇදෙන් ඇලවුනේ ⁣⁣⁣⁣සොෂල් මිඩියා පැත්තේ යන්න හිතන්.. එත් එකපාරටම ස්ක්‍රින් එකේ ටේහ්‍යුන්ගේ නම්බර් එකෙන් එන කොල් එක පෙනෙද්දි ජන්කුක් ඇස් කැරකුවේ ටේහ්‍යුන් අද කියන්න යන කතා ටික මොකක් වෙයිද කියලා කල්පනා කර කර.. එහෙම්ම ඇදේ අනිත් පැත්තට පෙරලිලා මුනින් අතට හැරුන ජන්කුක් කකුල් දෙකත් උස්සලා හොලව හොලව පොන් එක කනේ ගහගත්තා.. මොකද එලියට නොපෙන්නුවාට මේ එන කොල් එකට එයා හරිම ආසයි.. එයාගෙත් ඉතිම් බොරු සොබනේ..

" බේබි "

" හැමදාම කියනවා නේ කොල් එක ගත්තාම මුලින්ම හලෝ කියන්න කියලා "

ටේහ්‍යුන් පුරුද්දට වගේ හැමපාරම ජන්කුක්ට කොල් කරලා හලෝ කියනවා වෙනුවට බේබි කියනවා.. එක සාමාන්‍ය දෙයක් වුනත් ජන්කුක්ට එහෙම වුනේ නැහැ මොකද එ ගැබුරු කටහඩ පොන් එක අතරින් තවත් ගැබුරු වෙලා එයාට බේබි කියලා කතා කරනවා ඇහෙන ඇහෙන වාරයක් පසා ජන්කුක්ගේ ඇගේ හිරිගඩු පිපෙනවා.. ඉතින් එ දේට ජන්කුක් ආස වුනත් ටේහ්‍යුනුත් එ දේම කරනවා කියලා දැන දැන හැමදාම බොරුවට බනිනවා.

𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎] Where stories live. Discover now