𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 𝟭𝟳

820 169 13
                                    






ටේහ්‍යුන් ජන්කුක්වත් එක්කන් පාර්ක් එකට යන ගමන්....

" මේ කෙහෙද යන්නේ?? "

ජන්කුක් අහුවේ ටේහ්‍යුන් මැන්ෂන් එක යන පාරට නැතුව පාර්ක් එක
පැත්තට කාර් එක හැරව්ව නිසා....

" ගමනක් "

" ගමනක්?? "

" ඔව් "

" එත් මට කොහෙවත් යන්න ඔනේ නැහැ මට දැන් ගෙදර යන්න ඔනේ "

" ජන්කුක් අපි මේ පාර්ක් එකේ ටික වෙලාවක් කතා කරලා යමු "

" නැහැ මට ඔයා එක්ක කතා කරන්න කිසි දෙයක් නැහැ!! "

ටේහ්‍යුන් කාර් එක පාර්ක් එක ලගින් නතර කරලා කිව්වාම ජන්කුක් පාර්ක එක දිහා බලලා වින්ඩො එකෙන් එලිය බලා ගෙන කිව්වා...

අහක බලන් ඉන්න ජන්කුක් දිහා ටේහ්‍යුන් ටික වෙලාවක් බලන් ඉදලා කාර් එකෙන් බැස්සා...

ටේහ්‍යුන් කාර් එකෙන් බහින සද්දේ ඇහුනාම ජන්කුක් හැරිලා බැලුවා... ⁣⁣
ඩොර් එකෙන් බැහැලා ටේහ්‍යුන් වේගෙන් අඩි තියන් ඇවිදන් එන දිහා ජන්කුක් ෆොන්ට් ග්ලාස් එකෙන් බලන් හිටියා...

ජන්කුක්ගේ ඩොර් එක පැත්තට ආපු ටේහ්‍යුන් නැවිලා ජන්කුක්ගේ ⁣සිට් බෙල්ට් එක ගලවන්න යන කොට ගැස්සිච්ච ජන්කුක් ටග්ගලා ඔලුව පිටිපස්සට කරා... ⁣ජන්කුක් එ කරපු දේත් එක්ක එයා දිහා එකපාරක් බලපු ටේහ්‍යුන් සිට් බෙල්ට් එක ගලවලා ජන්කුක් ගේ අතින් අල්ලලා කාර් එකෙන් එලියට අරන් පාර්ක් එක පැත්තට ඇවිදන් යන්න ගත්තා...

ටේහ්‍යුන් අල්ලන් ඉන්න අත් ගලවන්න උත්සහ කරන ගමන් ⁣ටේ පිටිපස්සෙන් යන ජන්කුක් කැගහන්න ගත්තා...

" අත අරින්න. මට ඔයා එක්ක ඉන්න බැහැ මට ගෙදර යන්න ඔනේ අතහරින්න. අතහරින්න හියුන් "

එත් එක්කම ඇවිදන් යන ටේහ්‍යුන් එක පාරට ම ජන්කුක් පැත්තට හැරිලා අල්ලන් ඉන්න ජන්කුක්ගේ අතින්ම ලගට ඇදලා ගත්තේ ජන්කුක්ගේ මුහුනට එබෙන ගමන්...

𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎] Where stories live. Discover now