𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 𝟮𝟭

867 161 23
                                    



ටේහ්‍යුන් කරන්න දෙයක් හිතා ගන්න බැරුව කලබලෙන් වට පිට බලන කොට එතනට දුවන් ආවේ යුන්ගි, ජිමින්.

ජිමින්ගේ මුහුණෙන් නම් කියන්න පුලුවන් යුන්ගි හැම දෙයක්ම ජිමින්ට කියලා කියන එක...

" ටේහ්‍යුන් "

" යුන්ගි කොල්ලාව මිස් වුනා. කොහෙට ගියාද මන්දා"

ටේහ්‍යුන් කලබලෙන් යුන්ගි දිහාවට හැරිලා කිව්වා එයා හොදටම බය වෙලා...

" හරි කලබල වෙන්න එපා මේ කොහේ හරි ඇති "

යුන්ගි කිව්වේ වට පිට බලන ගමන්....

" නැහැ යුන්ගියා මං හැමතැනම බැලුවා ජන්කුක් නැහැ. එයාට life එකට threats තියනවා උබ එක හොදටම දන්නවා එයා ගැන වගකිමක් තියනවා අපිට. එයා මෙහෙම තනියම ඉන්න එක රිස්ක් "

" මේ හියුන් හැබැයි ඔයාගේ මේ ජරා වැඩ නිසා මගේ කුකිට මොනා හ⁣රි වෙලා තිබ්බොත් බලාගමු "

ජිමින් කෙන්තියෙන් ටේහ්‍යුන් දිහා බලන් කැගැව්වා...

" ජිමින්!. මේ රන්ඩු වෙන්න වේලාවක් නෙමේ අපි ජන්කුක්ව හොයා ගන්න ඔනේ "

" ටේහ්‍යුන් උබ පැනික් වෙන්න එපා. මං කවදාවත් දැකලා නැහැ උබ මෙහෙම වෙලා. එ නිසා ටිකක් සන්සුන් වෙලා එලියේ රොඩ් සයිඩ් එකේ බලපන් අපි මේක ඇතුලේ හොයන්නම් "

යුන්ගි බොහොම සන්සුන්ව කිව්වාම ටේහ්‍යුන් ඔලුව වනලා මොල් එකෙන් එලියට දිව්වා...

මොල් එක ඇතුලේ යුන්ගි, ජිමින් ජන්කුක්ව හොයන කොට මොල් එකෙන් එලියට ඇවිත් ටේහ්‍යුන් එ පාරවල් දිගේ ඇවිද ඇවිද ජන්කුක්ව හොයන්න ගත්තා...

ටික ටික ටේහ්‍යුන්ගේ බය වැඩි වෙන්න ගත්තා... මොල් එක වටේ කිසිම තැනක් ජන්කුක් හිටියා කියන්නවත් හොඩුවාවක් නැහැ... මොල් එක ඇතුලේ හොයන යුන්ගිගෙන්වත් තාම පනිවිඩයක් නැහැ...ඉතින් හොයලා හොයලා ජන්කුක් නැති ටේ තැනක නතර වුනා...

𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎] Where stories live. Discover now