" ඔම්මා......."
" මගේ පැටියා ආවාද මං කොච්චර වෙලා ඉදන්ද බලන් ඉන්නෙ..."
" මියානේ ඔම්මා අද හොබී සැම්චොන් එක්ක පොඩි රවුමක් ගැහුවා..."
එලීනා හනාගෙ අතේ එල්ලෙන ගමන් කියද්දි කෙල්ල හිනා වෙලා පිටිපස්සට වෙලා හිටන් ඉන්න හෝසොක් දිහා බැලුවා..
" හනා ඔයා දන්නවද අද අපේ එලීට කියන්න ගුඩ් නිව්ස් එකක් තියනවලු..."
" මෝ චින්චා මොකද්ද ඒ..."
හනා අහද්දි ඇලීනා එල්ලන් හිටපු බෑග් එක ටේබල් එක උඩින් තියලා කෙල්ලගෙ ඉස්සරහට ආවා.....
" ඔම්මා මේ පාරත් මට තමයි අපේ බැජ් එකෙන් වැඩිම ලකුණු තියන්නෙ..."
" වාව් ඔය ඇත්තමද අනේ මගේ වස්තුවේ මට ගොඩක් සතුටුයි..."
ඇස් වල කදුළු පුරවගෙන හනා එලීනව පපුවට තුරුල් කරගත්තා...
" ඔම්මා හොබී සැම්චොන් අද මට හොදට කන්න අරන් දුන්නා..."
" ඕක නම් මොකද්ද එලී ඔයා හැමදාම ඔහොම මාක්ස් ගන්නවනම් කන්න නෙමෙයි කෑම නාන්න අරන් දෙන්නම්..."
" කුමාවෝ සැම්චොන්..."
හෝසොක් ලගට දුවන් ගිය එලීනා ඇගිලිතුඩු වලින් ඉස්සිලා කොල්ලගෙ කම්මුලට කිස් එකක් දුන්නා හෝසොක් එලීනා අතරෙ තියන්නෙ පුදුමාකාර බැදීමක් තමන්ගෙම සැම්චොන් වුණ නම්ජූන්ට වඩා එලීනා හෝසොක් එක්ක සමීප වුණේ හෝසොක් ඕනෙම කෙනෙක් එක්ක ඉක්මනට එකතු වෙන තද ගතිගුණ නැති නිහතමානී චරිතයක් නිසා...
" යාහ් එලීනා ඔයා ඔම්මට දුන් නෑ..."
හනා කෑගහද්දි කෙල්ල හනාගෙ කම්මුලටත් කිස් එකක් දීලා කැෆේ එකේ අනිත් සේවිකාවො හම්බවෙන්න ඇතුළට දිව්වා එතන ඉන්න හැමෝම අපේ පුංචි එලීනාට ගොඩක් ආදරෙයි.....
" ඔප්පා වාඩි වෙන්න...."
හෝසොක් පුටුවක් ඇදලා වාඩි වෙද්දි හනාත් ඉස්සරහින් වාඩි වුණා...
" ඉතින් හනා කොහොමද ජීවිතේ..."
YOU ARE READING
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
Fanfictionකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්‍යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...