EPISODE 46 💙💫

236 40 136
                                    

හනා සෙලී එලී ගියාට පස්සෙත් රණ්ඩුව පැය ගානක් ඇදිලා ගියා නැම්ජූන්ගෙ ගැන්ග් එක ජින්ගෙ ගැන්ග් එක වගේම ඩැනියල්ගෙ ගැන්ග් එකත් හිතුවට වඩා ගොඩක් ශක්තිමත් එකක් වුණා ජින් ට වැදුණු සැර පහරවල් නිසා කොල්ලා හිටියෙ ටිකක් අපහසුවෙන් ඒත් ලේසියෙන් පරාජය භාර ගන්න බැරි නිසාම කොල්ලා අමාරුවෙන් ඩැනියල් එක්ක ෆයිට් කරා....

" තෝ පාහරයා මගේ කෙල්ලට අත තියලා උබ මොනාද බලාපොරොත්තු වුණේ මම අද උබේ හම කෑලි කෑලි ගලවනවා..."

ජින් වියරුවෙන් කෑගහන ගමන් ඩැනියල්ට ගැහුවත් ඔහුටත් මේ වෙනකොට සැර පහරවල් කිහිපයක් ලැබිලයි තිබුණෙ...

" ජින් ඔතනින් අයින් වෙයන් මං බලාගන්නම් .."

" උබ පැත්තකට වෙලා හිටපන් මූ අත තිබ්බෙ මගේ පවුලට යකෝ..."

" උබේ පවුල වෙන්න කලින් ඒ මගේ නංගි යකෝ පැත්තකට වෙලා හිටපන්.."

ජින්ගෙ ශර්ට් එකෙන් ඇදලා අරන් පැත්තකට කරපු නැම්ජූන් ඩැනියල්ට එක දිගට ගහන්න ගත්තා යුන්ගි හෝසොක් ටේහ්‍යුන් ජන්කුක් හැමෝම හිටියෙ කට්ටිය එක්ක ෆයිට් කරන ගමන්...

" තොපි ඔක්කොම එකතු වෙලා මගේ හැමදේම නැති කරා කිම් නැම්ජූන් උබ දන්නවද උබේම උන් උබට ද්‍රෝහි වුණා අර පාක් ජිමින් ඌ හොරෙන්ම උබේ නංගිව මුට දුන්නා...."

" කටවහපන් බල්ලා උබ මුලින් පරලොව පලයන් ඒ දේවල් ගැන මම පස්සෙ බලාගනන්ම්..."

ඩැනියල්ට පාරක් ගහපු නැම්ජූන් කේන්තියෙන් කියද්දි....

" නම්ජුනා.....ආහ්......."

ඩෝං 💥💥💥💥💥💥💥💥💥💥

" හ්‍යොන්......"

ඩැනියල්ගෙ ගැන්ග් එකේ එකෙක් නැම්ජූන්ව ඉලක්ක කරලා තිබ්බ වෙඩිල්ලක් දැකපු ජින් ඒ මැද්දට පැන්නෙ ටේහ්‍යුන්ගෙ ඇස් ලොකු වෙද්දි ඒ එක්කම ජන්කුක් අනිත් පැත්තට මිනිහට වෙඩි තියද්දි ටේහ්‍යුන් ජින් ළගට දුවන් ආවෙ අනිත් අය ඩැනියල්ගෙ මුළු ගැන්ග් එකටම වෙඩි තියන්න පටන් ගද්දි....

" මූව බේස්මන්ට් එකට අරන් පලයන්.."

ඩැනියල්ව ගෙනියන්න කියලා ගැන්ග් එකේ අයට අණ කරපු නම්ජූනුත් දුවගෙන ජින් ළගට ආවා....

*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ