යටි බඩින් දැනෙන තද වේදනාව නිසාම හනාට රෑ පුරාම හරි හමන් නින්දක් තුබුණෙ නෑ කාලෙකට පස්සෙ ජින් එක්ක ගත කරන මේ කාලයට හනාගෙ ශරීරය තාම ඔරොත්තු දෙන්නෙ නෑ කියලයි ඇය හිතුවේ ඒත් ඒ පහස දැන් ඇබ්බැහියක් වෙලා.හනා දැන් පැය කිහිපයක ඉදන් තමන්ගෙ නිරුවත් පපුවෙ මූණ ගහගෙන පොඩි ළමයෙක් වගේ නිදාගන ඉන්න ජින් දිහා බලන් හිටියෙ මොහොතකට ඇගේ වේදනාවත් අමතක කරලා කෙල්ලට මතක් වුණේ සෙලීනායි එලීනයි පුංචි කාලෙ තමන්ගෙ පපුවට තුරුල් වෙලා හිටපු හැටි ඒත් අද ඒ තැන ඉන්නෙ ජින් හනාගෙ හිත දැන් අලුත් හැගීම් වලින් පිරිලා ගිහින්...
යාන්තමින් ඉර අව්ව වැටීගෙන එන හැටී වීදුරු කාමරේ තුළට හරි ලස්සනට පෙනුනා ජින්ගෙන් ඇස් අහකට අරන් වට පිට බලපු කෙල්ල සුව නින්දක හිටපු ජින්ව ඇගෙන් එහාට කරලා අමාරුවෙන් නැගිට්ටා කෙල්ලගෙ ඇගේ නූල් පොටක්වත් නෑ වොශ් රූම් එකට ගිහින් මූණ ටිකක් හෝදගෙන එල්ලලා තිබුණ බාත් රොබ් එක ඇදගත්ත හනා අමාරුවෙන් කොර ගහ ගහ වීදුරු කාමරෙන් එළියට ආවා....
" වාව් මාරම ලස්සනයි මම දැනන් හිටියෙ නෑනෙ ජින්ට මෙච්චර ලස්සන ක්ලබ් එකක් තියනවා කියලා..."
ඈතින් හමාගෙන ආපු හුළග බාත් රොබ් එකට විතරක් ආවරණය වෙලා තිබුණ හනාගෙ ශරීරය සිපගද්දි ඇයට කියාගන්න බැරි තරම් සනීපයක් දැනුනා අත් දෙක දෙපසට විහිදුවලා ඇස් පියාගෙන ඒ හැගීම හිතේ හැටියට විදගන්න හනා අමතක කරේ නෑ....
" ඔම්මා අප්පා ඔයාලා බලාගෙනද ඉන්නෙ මගේ ජීවිතේ හැමදේම ආපස්සට යනවා වගේ දැනෙනවා හැමදේම හොදින් වෙයිද අප්පා ඔයාගෙ දුව දැන් ගොඩක් සතුටින්.."
මූණට ආපු හිනාවත් එක්ක හනා කියද්දි කෙල්ල එකපාරට ඇස් ඇරියෙ ඇයගෙ බද වටේ එතෙන ඒ අත් වල පහසට...
" ගුඩ් මෝනින් බේබි ගර්ල් මම හිතුවෙ ඔයාට අද දවසෙම නැගිටගන්න බැරි වෙයි කියලා ඊයෙ ...."
" යාහ් ජින් එපා අනේ..."
හනා රතු වුණ මූන අත් දෙකෙන් වහගද්දි ජින්ට හිනා ගියා හනාව අත ඇරපු ජින් හිනා වෙවී ඉස්සරහට ගිහින් අත් වැටට බර වුණේ කෙල්ල දිහා බලාගෙනමයි ඇය වශී වුණා ලේසියෙන් හිනා වෙන්නෙ නැති හනාගෙ හැන්සම් ජින් අද ලස්සනට හිනා වෙනවා ඒකත් එයා දිහා බලාගෙන හනා ජින්ට ආදරේ කරේ පුංචි වයසෙ ඉදන් ඒත් කෙල්ල කවදාවත් ඒ ආඩම්බර කොල්ලා හිනා වෙනවා දැකලා තිබුණෙ නෑ. නෑ ජින් හිනා වුණා ඒත් කට කොනින් දාන ඒ හිනාවට හනා එදා ඉදන්ම ගොඩක් වෛර කරා....
YOU ARE READING
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
Fanfictionකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්‍යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...